සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද SSC පිටියේ පැවති 144 වැනි රාජකීය – ශාන්ත තෝමස් ක්‍රිකට් තරගයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සංවාදයක නිරත වන අයුරු දැකගත හැකි විය.
මෙම සංවාදය සිදුවන්නේ දේශපාලන පිටියේ සමගි ජන බලවේගයේ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එකතුවීමට නියමිත බව වාර්තා වන මොහොතකයි.එම කණ්ඩායමේ සාමාජිකයන් ලෙස රාජිත සේනාරත්න, එරාන් වික්‍රමරත්න හා හර්ෂ ද සිල්වා ගව් නම් ඉහළින්ම කියවෙනවා. සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් සමගි ජන බලවේගය තුළ විශ්වාසය බිඳවැටීමේ අවදානමක් පවතින අතර නැවත එක්සත් ජාතික පක්ෂය බලමුළු ගැන්වීමේ උත්සහයක් පවතින බවද දේශපාලන ආරංචි මාර්ග සනාථ කර තිබෙනවා.