Home » ලෝක නිරූපිකාවන් අතර තුන්වැනි තැන සඳනි පීරිස්ට

ලෝක නිරූපිකාවන් අතර තුන්වැනි තැන සඳනි පීරිස්ට

by Nirodha Gamage

ඊජිප්තුවේ ෂර්ම් එල් ෂෙයික් හි සන්රයිස් වයිට් හිල්ස් රිසෝට් හි පැවති Top Model Of The World ඉසව්වේ 3 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නිරූපිකාවක් වන සඳනි පීරිස් සමත් විය.

සිකුරාදා පැවති මෙම තරඟාවලියේදී මෙක්සිකෝවේ මරියානා මැසියාස් 2023 වසරේ නිරූපිකාව ලෙස තේරී පත් වූ අතර කොලොම්බියාවේ ලීසි රිවාස් මොරේනෝ අනුශූරතාව දිනා ගත්තාය.

ලෝක රූපලාවන්‍ය සංවිධානය විසින් පවත්වනු ලබන වාර්ෂික උත්සවයේ 29 වැනි අදියර මෙය විය.

ඩොමිනිකන් ජනරජයේ ඩැනිල්කා ජර්මන්, ශ්‍රී ලංකාවේ සඳනි පීරිස්, මෙක්සිකෝවේ මරියානා මැසියාස් ඔර්නෙලස්, තායිලන්තයේ ලුක්සෝර්න්, ස්වීඩනයේ ඉසබෙලා ලිනියා අහස් සහ කොලොම්බියාවේ ලෙයිසි රිවාස් මොරෙනෝ තරඟකරුවන් 43 දෙනෙකු අතරින් අවසන් තරඟයට ඉදිරිපත් වූහ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions