Home » රීෂෆල් එක හරියටම කරමු – අස්පට් ෂූටිං

රීෂෆල් එක හරියටම කරමු – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා……මොකද්ද මේ යන රීෂෆල් කතාව…..හාමු ආපු ගමන් කරනවා කියලානේ කියන්නේ.පෙබරවාරි ඉඳන් හාමු අලුත් ලයින් එකකට සෙට් වෙනවලු.ඒකට ගැලපෙන විදිහට රීෂෆල් එක කරනවා කියලයි කියන්නේ.

මචං රීෂෆල් කියන කොටම සාගරයා ලිස්ට් එකක් එවලලු.ඊෂෆල් නෙවෙයි governorsලා කියනකොට,සෙකට්රිලා කියනකොට, එම්බසිඩර්ස්ලා කියනකොට එවන්න වෙන වෙනම හදපු ලිස්ට් බීආර් සාගරයට දීලා ගිහින් තියෙන්නේ.

ඒ තරං ලිස්ටි සාගරයා ළඟ තියනවා.බැරිවෙලාවත් හාමු ජෙප්පන්ට බයේ ගණිකා වෘත්තිය නීතිගත කළොත් ඒකටත් බීආර්යා මල් පොහොට්ටුවේ ලිස්ට් එකක් එවනවා.ඕවා මොනවද බං හාමුගේ සෙකට්රිකාරයටත් වැඩේ දීලා five thousand සෙනා දාන්න හදන්නේ.

මොකද්ද මචං……හාමු මේ කරන්න හදන්නේ.

පෙබරවාරිවල construction පටන් ගන්නවා කිව්වා විතරයි contractorsලට ඉස්සෙල්ලා ෆෝම් වෙලා තියෙන්නේ බීආර්නේ.රට සංවර්ධනය කරන්න පුදුම පිපාසයක්නේ බං මිනිහට තියෙන්නේ.

ඔන්න දැන් අලුත් නිවුස් එකක් plant කරනවා ඊළඟ prime බීආර් කියලා.මචං ඕවා වහල්ලුන්ට චූන් වෙන්න කියන කතා,මේ ව්‍යවස්ථාවේ හැටියට ද්විත්ව පුරවැසියන්ට කවුන්සිල්ට එන්න බෑ. කවුන්සිල් එන්නේ නැතිව කොහේද බං prima වෙන්නේ.

මචං බීආරයා හම්බ උනොත් කියහංකෝ තමන්ගේ පාක්ෂිකයෝ මෝඩයෝ කියලා ඔහොම ලෝකෙට ප්‍රදර්ශනය කරන්න එපා කියලා.කොච්චර උනත් මචං උන් මේ රටේ මිනිස්සුනේ.බීආර් USA උනාට උන් මෙහේනේ.බීආර්ලා වහල්ලුන්ට මෝඩ චූන් දුන්නට හාමු ඔය ඔක්කොම focus කරන්නේ තනිකරම pracidencail එකට.

ඒත් මචං හාමුට එක පාරට බීආර්ගේ ලිස්ට් එක රිජෙක්ට් කරන්න බැරිවෙයි.pracidencail එකත් එන හින්දා එහෙම කරන්නත් හොඳ නෑනේ.මචං අපි දෙමුද හාමුට ලයින් එකක් කොහොම රීෂෆල් එක කරන්න ඕනි කියලා.

හාමුට කරන්න තියෙන්නේ මෙච්චරයි.

බීආර්ගේ ලිස්ට් එකේ කට්ටියටම එක දවසක එන්න කියනවා.පිසිකල් ෆිට්නස් බලන්න ඕනි කියලා කට්ටියටම කිලෝමීටර භාගයක් පැයක් ඇතුලත ඇවිදගෙන එන්න කියනවා.හැබැයි තනියම,පටන් ගන්න තැනට ගිහින් දාලා හාමු අවසන් කරන තැන වෙලා වෙස්වළාගෙන ඉන්නවා.

වැඩේ පටන් ගන්නේ කොම්පඤ්ඤ වීදියෙන්.දැන් ඔක්කොම හරි,කෂ්ටිය පටන් ගන්න තැන හාමු වෙස්වළාගෙන ඉවරවෙන තැන.උඹලා හිතනවද මීටර් පන්සිය ඇවිදගෙන එකෙක් හරි එයි කියලා.ඇමැතිකම හින්දා  බඩගගා හරි එන්න ට්‍රයි කරයි.

ඒත් මචං එකෙක්වත් එන්නේ නෑ.එන්නේ නෑ නෙවෙයි එකෙකුටවත් එන්න දෙන්නේ නෑ. කොම්පඤ්ඤ වීදියේ උදාර ජනතාව කට්ටියම බේරේට අරන් යනවා.හාමුත් මචං අතන හරියට වෙස්වළාගෙන හිටියේ නැත්තං රීෂෆල් එක කරන්න වෙන්නේ බේරෙදී තමයි.ඇයි බං operation බේරේ කළේ ඔය කොම්පඤ්ඤ විදියේ සෙට් එකනේ.

වැඩේ හරියට කළොත් ඊට පස්සේ බිආර් කවදාවත් හාමුට රීෂෆල්වලට ලිස්ට් නං එවන්නේ නෑ කවුරුවත් බීආර්ගෙන් ඇමතිකම් ආය ඉල්ලන්නෙත් නෑ.

අස්පට් ෂූටිං.

 
Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions