Home » රනිල් ජනාධිපතිවරණ කැම්පේන් එක අරඹයි. ලක්ෂ 20කට ඔප්පු. සජබ ලොක්කොත් ඇවිත්

රනිල් ජනාධිපතිවරණ කැම්පේන් එක අරඹයි. ලක්ෂ 20කට ඔප්පු. සජබ ලොක්කොත් ඇවිත්

by Plus One

ඉඩම් හිමිකම් නොමැති පවුල් ලක්ෂ 20කට නිදහස් ඔප්පු ප්‍රධානය කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ ( 05 ) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේදී සිදු කෙරුණා.

වැඩසටහන සංවිධානය කර තිබුණේ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසිනුයි.

මෙහිදී රන් භූමි, ජය භූමි හා ස්වර්ණ භූමි බලපත්‍ර යටතේ ඉඩම් භාවිතා කල දසදහසකට සින්නක්කර ඔප්පු ලබා දී තිබෙනවා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලු වත්මන් රජයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් එක්ව සිටියා.

තවද සමගි ජන බලවේගයේ ප්‍රබලයෙකු වන හිටපු ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාද මෙම අවස්ථාවට එක් වූ අතර වත්මන් ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ජනතාවට නිදහස් ඔප්පු ලබා දීමේ සංකල්පය සදහා පුරෝගාමී වී ඊට යහපාලන රජයේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කලේ ගයන්ත කරුණාතිලක මහතා බවයි.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ වූ විශාතම පුද්ගලීකරණය බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මේ සමගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාහිපතිවරණ සටනේ තම ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කල බව දේශපාලන විචාරකයන් කියා සිටි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions