විරෝධතාවලට සහභාගී වෙන ජනතාව ඝාතනය කරමින් මර්දනය ක්‍රියාත්මක කරන රනිල් ප්රමුඛ තක්කඩි ආණ්ඩුව ගෙදරම යවන්න ඉදිරියේ දී දැවැන්ත විරෝධතාවක් කොළඹදී පවත්වනවා යැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසීය.
ජනතාවගේ දුකට ඇහුම්කන් දෙන්නේ නැති ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදී රටේම ජනතාව පෙළ ගැහෙනු ඇතැයි විශ්වාස කරන බවත් වෘත්තීය සමිති රට පුරා ක්‍රියාත්මක කරන උද්ඝෝෂණ,වැඩවර්ජන,විරෝධතාවලට අන්තර් විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහය ලබාදෙන බවත් ඔහු පැවසීය.