Home » මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඇමරිකානු ඩොලර් 82,900 යත් හොරා කයිද?

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඇමරිකානු ඩොලර් 82,900 යත් හොරා කයිද?

by Plus One

සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපති අරමු⁣දලෙන් ශ්‍රි ලංකාවේ , මධ්‍යම සංස්කෘතික අරමුදලට USA $ 82,900 ක මුදල් ප්‍රධානය කර තිබෙනෙවා.

ඒ ගොඩවාය දියබත් නෞකාව සහ එහි කෞතුක වස්තු ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජනපද තානාපති ජුලී චන්ග්, ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ සහ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී රසික මුතුකුමාරණ යන මහත්ම මහත්මීන් එක් වී ඇති බව අපට තව දුරටත් දැන ගන්නට ලැබුණා.

ලාංකික කිමිදුම්කරුවන් දෙදෙනෙකු විසින් මුලින් සොයා ගන්නා ලද ගොඩවාය, ආසියා ශාන්තිකර කලාපයේ දැනට හඳුනාගෙන ඇති පැරණිතම දියබත් නැව වන අතර, ලොව සොයාගත් පැරණිතම ගිලී ගිය යාත්‍රාවලින් එකකි. හම්බන්තොට වරාය ආසන්නයේ පිහිටා ඇති එයට විඛාදනයට ලක් වූ ලෝහ පොලු රැසක් සහ වීදුරු කුට්ටි සහ මැටි භාණ්ඩ ඇතුළු අනෙකුත් විසිරී ගිය පැරණි භාණ්ඩ ඇතුළත් බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහජනතාව තම අදහස් දක්වමින් සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ කර සිටියේ, හැමදාමත් මෙන් මෙම ඩොලර් ප්‍රදානයද ශ්‍රී ලංකාවේ කූඨ දේශපාලකයන් විසින් තම සාක්කුවට දමා ගැනීමට දැඩි අවධානමක් ඇති බවයි. අප්‍රිසහගත වී ඇති බව තවදුරටත් එම සමාජ මාධ්‍ය තුළ ඔවුන් වාර්තා කර ඇත.

කෙසේ වෙතත්, මෙම මධ්‍යම සංස්කෘතික අරමුදල ලැබුණු ප්‍රදානය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් නිසි පරිදි කටයුතු කිරීමට වගබලා ගත යුතු බව ජනතාව අවධාරණය කර සිටියා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions