Home » බුලත් කොලේ ලේකම්ධූරයට තිලංගගෙන් මෛත්‍රීපාලට ආයෙත් වෙට්ටුවක්

බුලත් කොලේ ලේකම්ධූරයට තිලංගගෙන් මෛත්‍රීපාලට ආයෙත් වෙට්ටුවක්

by Plus One

එක්සත් ජනතා සන්ධානයේ මහලේකම්ධුරයෙන් මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල මහත්වරුන්ට ඉල්ලා අස්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙ මූලිකත්වයෙන් ඊයේ කැදවූ පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී තීරණය කල බව අප ඊයේ සටහන් කලේය.

ඒ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් නිදහස් පක්ෂය මූලික කරගනිමින් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නිර්මාණය කිරීමට සූදානම් වන පොදු සන්ධානය සදහා ඉඩ සලසා දීමටයි.

බුලත් කොලය ලේකම්ධූරය සම්බන්ධයෙන් පසුගිය කාලයේම මහින්ද අමරවීර මහතා තිලංග සුමතිපාල මහත්වරුන් අතරේ අර්බුදයක් නිර්මාණය වී තිබූ හෙයින් මෙම සන්ධානගත වීමට බුලත් කොලය සන්ධානය යොදා ගැනීම අසීරු විය. ඒ සදහා පුටුව සන්ධානය පවා යෝජනා වී තිබිණි.

ඊට ඉඩ ප්‍රස්ථා නිර්මාණය කිරීමට ඊයේ මෛත්‍රීගත් තීන්දුවට අමාත්‍ය මහින්ද අමරවීර මහතා එකගතාවය ඊයේම පල කොට තිබෙ.

නමුත් තමා එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන්නේ, අධිකරණ තීන්දුවකින් පසුව පමණක් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා කියා සිටින බව මේ වන විට ආරංචි මාර්ග සදහන් කරයි.

මහින්ද අමරවීර අමාත්‍යවරයා එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරය සම්බන්ධයෙන් මේවනවිට අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති බව පැවසු තිලංග සුමතිපාල, එහෙයින් අමරවීර අමාත්‍යවරයා පළමුව එම පෙත්සම ඉවත්කර ගත යුතු බවත් ඉන් අනතුරුව තමා තීරණයක් ගන්න බවත් වැඩිදුරටත් කියා සිටියේ ය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions