Home » පොහොට්ටුවේ සභාපති තනතුරට රෝහිත – ජොන්ස්ටන් – මහින්දානන්ද ගැටෙති

පොහොට්ටුවේ සභාපති තනතුරට රෝහිත – ජොන්ස්ටන් – මහින්දානන්ද ගැටෙති

by Nirodha Gamage

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති ධුරයට එම පක්ෂයේ සාමාජිකයන් තිදෙනකුගේ නම් යෝජනා වී ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු , කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන රෝහිත අබේගුණවර්ධන හා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ අදාළ තනතුරට යෝජනා කර ඇතැයි විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරනවා.

නමුත් එම පත්කිරීම පිළිබඳ අවසන් තීරණයකට තවම එළැඹ නැති බවද පක්ෂ ආරංචි මාර්ගවලින් කියැවෙනවා.

මෙම පිරිසට අමතරව තවත් ජේ‍යෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනකුගේම නම් අදාළ තනතුර සඳහා යෝජනා වී ඇති අතර ප්‍රධාන වශයෙන්ම ඉහතින් සඳහන් කළ සාමාජිකයන් තිදෙනා වෙත වැඩි අවධානයක් යොමු කර ඇති බවද දැනගන්නට ලැබෙනවා.

මෙම පත්කිරීම පිළිබඳ අවසන් තීරණය පොදුජන පෙරමුණු නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ගනු ඇති බවයි පක්ෂ ආරංචි මාර්ගවලින් පෙන්වා දෙන්නේ.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions