Home » පාපන්දුවටත් ජාත්‍යන්තර තහනමක්ද?

පාපන්දුවටත් ජාත්‍යන්තර තහනමක්ද?

by Nipuna Fernando

ශ්රී ලංකාවේ පාපන්දු ක්රීඩාව ජාත්යන්තර තහනමට ලක් වීමේ අවදානමක් ඇති බව ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමර් මහතා කොළඹ දී පැවති මාධ්ය හමුවක දී සඳහන් කරයි

ජාත්යන්තර තහනමක් ශ්රී ලංකාවේ පාපන්දු ක්රීඩාව වෙනුවෙන් පැනවුවොත් මෙරට ක්රීඩකයන්ට, විනිසුරුවරුන්ට පුහුණුකරුවන්ට ජාත්යන්තරය සමග කටයුතු කිරීමට නොහැකිවීම වචනයෙන් පිරිමැසිය නොහැකි පාඩුවක් බවද ජස්වර් උමර් මහතා ප්රකාශ කරයි

1995 වසරේ සිට ශ්රී ලංකා පාපන්දු ක්රීඩාවේ ඇතිවූ පසුබැස්මට හේතු වූයේ 2021 වසර දක්වා වරින් වර මෙරට පාපන්දු පරිපාලනයට පත්වූ නිලධාරීන්ගේ අකාර්යක්ෂම සහ දූෂිත පාලනය බව ද හිටපු සභාපතිවරයා පවසන ලදි.

තමන්ගේ ඇති අඩුපාඩු වසා ගැනීමට ඇතැම් පිරිසක් පාපන්දු සම්මේලනයේ කටයුතු නිර්දය ලෙස විවේචනය කරමින් ජනාධිපති, ක්රීඩා ඇමති සහ පොලීසිය නොමග යවමින් සිදුකරන ලද ක්රියාවල අතුරුඵලයක් ලෙස ශ්රී ලංකාව මෙම අවදානමට පත් වී ඇති බවත් ඔහු පෙන්වා දෙන ලදි.

ඔවුන් මෙසේ හැසිරෙන්නේ තනතුරු සහ බල තණ්හාව නිසා යැයි තමා කලින් සිතා සිටියත් එහි සැබෑ අරුත තමාව මෙම සභාපති තනතුරෙන් ඉවත් කර ඔවුන් ඉදිරියේ ඇති දූෂණ චෝදනා සහ අක්රමිකතා වලින් ගැලවීම බවත ද හිටපු සභාපතිවරයා සඳහන් කර සිටි.

#newsplus

අපගේ YouTube සබැඳිය
https://youtube.com/channel/UCw0X0yNZIjTR61JdLTDJ8tw

අපගේ Telegram සබැඳිය
https://t.me/ChannelPlusOne

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions