Home » පාකිස්තානයේ IMF සිහිනය තවදුරටත්

පාකිස්තානයේ IMF සිහිනය තවදුරටත්

by Nirodha Gamage

පාකිස්තානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ණය ගිවිසුම තවදුරටත් දිග්ගැස්සෙන බව එරට මාධ්‍ය ඊයේ වාර්තා කළේය. ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු තවත් කොන්දේසි ගණනාවක් සපුරන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත් නොවනු ඇතැයි සඳහන් .

ශෙබාස් ෂෙරීෆ්ගේ සභාග රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පසුගිය පෙබරවාරි මාසයේ මුල් භාගයේ සිට අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක ණය මුදලක් වෙනුවෙන් සාකච්ඡා පැවැත්වෙන අතර, දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින එරට මිලියන 22ක ජනතාවක් වෙත සහන සැලසීම සඳහා එම මුදල යෙදවීමට පාකිස්තානය රජය බලාපොරොත්තුවෙන් සිටී..

පසුගිය පෙබරවාරි මාසයේදී වසර 50ක කාලයක් තුළ එරටින් වාර්තා වූ ඉහළම උද්ධමනය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ දුප්පතුන් සඳහා සහනාධාර සැලසීමට ධනවත් පාරිභෝගිකයින්ගෙන් ඉන්ධන සඳහා වැඩි මුදලක් අය කිරීම ශෙබාස් ෂෙරීෆ්ගේ සභාග රජයේ අරමුණ වී තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions