Home » පක්ෂ 28ක් මන්ත්‍රීලා 60ක් එක්ක ” නව සන්ධානයෙන් ” රනිල් කැම්පේන් පටන් අරන්

පක්ෂ 28ක් මන්ත්‍රීලා 60ක් එක්ක ” නව සන්ධානයෙන් ” රනිල් කැම්පේන් පටන් අරන්

by Plus One

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින්, ශක්තිමත් ආර්ථිකයක් ජයග්‍රාහී ගමනක් යන තේමාවෙන් නව සන්ධානයේ මංගල මහා රැළිය ඊයේ හලාවතදී පැවැත්විණි.

නව සන්ධානය නිර්මාතෘවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා කටයුතු කරන අතර නව සන්ධානයේ මෙහෙයුම් නායකයා ලෙස කටයුතු කරන්නේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතායි.

මෙම මංගල මහ රැළියට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතාගෙ පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ද සම්බන්ධ වී සිටියහ.

මෙම නව සන්ධානය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යලි ජනපති කිරීම සදහා මහා සන්ධානයක් නිර්මාණය කිරීමට වැඩ කටයුතු ආරම්භ කර ඇති බවත් මේ වන විටත් ඒ සදහා පක්ෂ 28ක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 60ක් සම්බන්ධ වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා සදහන් කරනවා

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions