ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එල්ල වන අසත්‍ය චෝදනා වලට පිළිතුරු සැපයීමට සෑම ග්‍රාම සේවා වසමකින්ම දස දෙනෙක් බැගින් තෝරාගෙන ” දස බල සේනාවක්” සූදානම් කරන බව පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දසබල සේනා වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් මුණ ගැසීමට තමා යන බවත් ප්‍රකාශ කරයි .
කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මොරටුවෙන්”දසබල සේනා” වැඩසටහන හෙට ආරම්භ කරන බවත්,ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් කරවීමත් බිම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවත් වැඩිදුරටත් ඔහු සඳහන් කරන ලදී .
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.