Home » ධම්මිකගේ ජනාධිපති හීනයත් රිවර්ස්, පොහොට්ටුවට දෙන සල්ලිත් නවත්තලාලු,

ධම්මිකගේ ජනාධිපති හීනයත් රිවර්ස්, පොහොට්ටුවට දෙන සල්ලිත් නවත්තලාලු,

by Plus One

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත්වීමට සූදානම් බව ව්‍යාපාරික ධම්මික පෙරළා මහතා මීට මාස කිහිපයකට පෙර මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ කළේය.

කොටින්ම ධම්මික සිටියේ ජනාධිපති වීමට සූට් මහගෙනය.

රට වටේම අලුත් ව්‍යාපෘති ආරම්භ කරමින් ධම්මික තම ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පටන් ගත්තේය.

කොටින්ම පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් තම ගම්බිම්වල වැඩ කටයුතු කිරීමට ධම්මික පසුගිය දවස්වල උදව් කිරීමට පටන් ගෙන තිබිණි.

පොදු ජන පෙරමුණේ පක්ෂ සම්මේලනයද පවත්වා තිබුණේ ධම්මික පෙරේරාගේ මූල්‍ය අනුග්‍රහයෙන් බව ඒ දිනවල සමාජ ජාලා තුල දැකගැනීමට හැකි විය.

මේ සියල්ල කළේ ධම්මිකට පොහොට්ටුවේ අපේක්ෂකත්වය ලබාදෙන බවට බැසිල් රාජපක්ෂ ලබා දී තිබූ පොරොන්දුව මතය.

නමුත් ධම්මික මේ බව ප්‍රසිද්ධ කළ දිනයේ සිට පොහොට්ටු ඇතුලේම පිරිසක් ධම්මිකට විරුද්ධව කැම්පේන් පටන් ගත්තේය.

මෑතම උදාහරණය ගිය සතියේ ප්‍රසන්න රණතුංග ධම්මික වැනි දේශපාලන පලපුරුද්දක් රහිත පුද්ගලයෙකු ජනාධිපති කිරීමට තමන් එකඟ නොවන බව ප්‍රකාශ කිරීම.

ඇත්තටම ධම්මිකට මොකද උනේ?

ව්‍යාපාරික ලෝකයේ ධම්මික ඔස්තාර් කෙනෙකු වුවත් ඔහු තවමත් දේශපාලන ලෝකයේ අත දරුවෙකු වැනිය.

ධම්මික අපේක්ෂකයෙක් ලෙස කරලියට ආවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවට අඩන්තේට්ටම් කළ කාලයේය.

ධම්මිකව ෆෝම් කරලා බැසිල් රනිල්ව මට්ටු කර ගත්තාද?

ඒ කියන්නේ ව්‍යාපාරික ඔස්තාර් බැසිල්ට යූස් උනා කියලද?

කෙසේ වෙතත් මේ වන විට අපිට ලැබෙන ආරංචි අනුව පොහොට්ටුව ඇතුලෙන්ම ධම්මිකට එන විරෝධය හේතුවෙන් ධම්මික ජනාධිපතිවරණ හීනය රිවර්ස් කරගෙනය.

කොටින්ම මෙතෙක් කල් පොහොට්ටුවට දුන් මූල්‍ය දායකත්වයන්ද නවත්වා ඇති බව ආරංචි වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions