Home » ඩිලාන් සජබෙට රිංගුවේ රනිල්ගේ කොන්ත්‍රාත් එකටද?

ඩිලාන් සජබෙට රිංගුවේ රනිල්ගේ කොන්ත්‍රාත් එකටද?

by Plus One

සමගි ජන බලවේගය ශක්තිමත් ක‍රමින් මීළග ජනාධිපතිවරනයට සන්ධානයක් නිර්මාණය කිරීමට නිදහස ජනතා සභාවේ ජී එල්, නාලක ඇතුලු පිරිසක් සජිත් සමග ගිවිසුම්ගත විය.

එය සිදුව තිබුනේ ජී එල් පීරිස්ගේ නිවසේ වන අතර ඒ බව ජනවාරි මස මුල් දිනවලම ජී එල්, නාලක මාධ්‍ය වෙත කියා සිටියහ.

නිදහස කණ්ඩායම ඩලස්ගේ නායකත්වයෙන් පොහොට්ටුවෙන් කැඩී ආවද, පසුව ජී එල් හා ඩලස් ලෙස කණ්ඩායම් දෙකක් පෙනෙන්නට තිබිණි. ඒ අතර චරිත හේරත් වැන්නවුන් නිෂ්ශබ්දව සිටියි.

ඩලස් දිගින් දිගටම අනුර කුමාර සමග සන්ධානගත වීමට උත්සහ ගත් නිසා ජීඑල්, නාලක පිරිස සජිත් සමග සිටගත් බව කරළියේ සාකච්ජා වේ.

ඩලස්ගෙ පැත්තෙන් ඒක හරි. ලබන පාර පාර්ලිමේන්තු එන්නනම් ඩලස් මාතරින් ඉදිරිපත් විය යුත්තෙ වාමාංශික පෙරමුණකිනි. සජබට ආවට ඩලස්ට ජයගැනීම අන්ත අසීරු විය හැක.

කෙසේ වෙතත් මෙම නිදහස කණ්ඩායමේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර්‍ර්‍රී ඩිලාන් පෙරේරා මේ දින වල හතර වටේ සන්ධාන තුල අර්බුද නිර්මාණය කිරීමට පටන්ගෙන කියා අපිට ආරංචි.

ඩිලාන් සජිත්ගේ සන්ධානයට එක්වීමට ජීඑල් ගේ ගෙදරදී අත්සන් කොට ඇත්තේ අදිමදි කරමිනි. එමෙන්ම ඔහු එම ගිවිසුම රහසිගතව තබා ගන්නට තම කණ්ඩායම පොරොන්දු කරගෙන ඇත.

නමුත් පසු දිනම ජීඑල්, හා නාලක ඒ බව මාධ්‍ය වෙත අණාවරණය කලේය.

සජබට ඩිලාන්ව ගත්තාට ඩිලාන්ට සජබ බදුල්ල දිස්ත්‍රික් නායකත්වය ලබා දී ඇත. ඉල්ලා අස්වූ චමින්ද විජේසිරිගේ ඉවත්ව් වීමට ඩිලාන්ගේ පැමිණීම ඍජුව බලපා ඇත.

දැන් ඩිලාන් සජබ තුල සිටියත් සජබ ඇභ්‍යන්තරය ආරවුල් නිර්මාණය කරමින් ඇත. නිදහස් කණ්ඩායමේ වෙනත් අය සජබ සමග එක් වීමද ඩිලාන් නවතා ඇත.

ඇත්තටම ඩිලාන් වැඩ කරන්නෙ කාටදා? ඩිලාන්ගේ දේශපාලන පැටිකිරිය දන්නා සජබ මන්ත්‍රීලානම් ඩිලාන් වැන්නවුන් සජබෙට ගැනීම ගැන නායකතුමාට හොරරහසේ චෝදනා කරයි. ඔවුන්නම් කියන්නෙ නම් සජබ අවුල් කරන්න ඩිලාන් කරන්නෙ රනිල්ගේ ප්‍රොජෙක්ට් එකක්ලු.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions