Home » කුරුණෑගලට මැරකම් ගෙනාවේ මහින්ද

කුරුණෑගලට මැරකම් ගෙනාවේ මහින්ද

by Nirodha Gamage

කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ගෞරවනීය දේශපාලනයේ මහා සම්ප‍්‍රදාය විනාශ කිරීමේ ප‍්‍රයත්නයට නායකත්වය දුන්නේ හිටපු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවට නිදහස් ජනතා කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් චෝදනා කරයි. මේ සතියේ පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාශයේ පැවති ජනහමුවක් අමතමින් හේරත් කියා සිටියේ හම්බන්තොට සිට කුරුණෑගලට පැමිණි නායකයින් එහි දේශපාලනයේ සාපරාධීත්වය සහ මැරකම් දක්වා පහත හෙලීමට උපකාර කර ඇති බවයි.

“එජාපයේ හොඳම දේශපාලනඥයෝ හිටියේ මෙහෙන්. M.D බණ්ඩා, ඊරියගොල්ල, වෙලගෙදර, වන්නිනායක, ජයතිලක වැනි ගෞරවනීය දේශපාලඥයන් තම දේශපාලන ගමන ආරම්භ කළේ මෙතැනදීය. ශ්‍රීලනිපයේ ජය පතිරණ, එස් බී නාවින්න, තිස්ස බලල්ල, සමරසිංහ, වික්‍රමසිංහ වැනි පැරණි ලෝකයේ දේශපාලනඥයන්ගේ ආරම්භයත් මේ දිස්ත්‍රික්කයෙන්. කෙසේ වෙතත් දිස්ත්‍රික්කයේ පැවති ගෞරවනීය දේශපාලනයේ මෙම ශ්‍රේෂ්ඨ සම්ප්‍රදාය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් බිඳ දැමූ බව සඳහන් කිරීම කනගාටුවට කරුණක්.” මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම ක්‍රියා හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් නොව දිවයින පුරා සිටින ජනතාවට දේශපාලනය පිළිබඳ විශ්වාසය නැති වී ඇති බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions