Home » කමෝන් සජා – අස්පට් ෂූටිං

කමෝන් සජා – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා…… සජා දිගටම අපේ ලප කුමාර සහෝදරයව අනුකරණය කරනවානේ මචං.

බලපං ලප කුමාර සහෝදරයා විශ්‍රාමික රණවිරුවෝ එකතු කරන හමුදා සාමූසහික ගොඩනගාගෙන එන්න පටන් ගත්තා විතරයි.අන්ත මචං සජාත් රණවිරු සම්මේලන තියාගෙන යනවා.ඔහොම ගියොත් මචං ලප කුමාර සහෝදරයාට මොකුත් නිර්මාණශීලි වැඩක් කරන්න වෙන්නෙම නෑනේ.

පුදුමයි සජා ගණිකා කේස් එක ගත්තේ නැති එක.අස්පට් ෂුටිං බයේ හියේ ආචාර්ය සහෝදරී ගණිකා වෘත්තිය නීතිගත කරගන්න කාන්තා සමුළු ටික අමත අමත යනවනේ.සජා ඒක දැකලා ගණිකා සම්මේලනයක් තියයිද කියලා.

ඔය කොපි කරන වැඩේ මචං සජාගේ තාත්තටත් තදටම තිබුණා.මතකනේ ගීත රචකයන්ට කියලා සින්දු ලියාගෙන ඒවා අහවල් සූරීන්ගේ කියලා ප්‍රචාරයඝ කරගත්තා.දැන් මචං ජෙප්ස්ලා ෆෝම්වෙලා එයාලා කියනවා ලප කුමාර සහෝදරයාව කොපි කරන්න පුළුවන් සම කරන්න බෑ කියලා.

මචං ඔතන නියම වැඩේ කියන්නේ ඕක නෙවෙයි.දැන් සජා ලපයා මොක හැදුවත් ඒකේ සම්මේලනය හදනවා.ඒ කියන්නේ මචං සාමුහිකවල,සංගම්වල ලොකුම එක සම්මේලනයනේ.සාමූහික,සංගම් එකතු වෙලානේ සම්මේලනය හැදෙන්නේ. එතකොට සම්මේලනය කියන්නේ සෑහෙන පිරිසක් එන එකක්.

හැබැයි මචං සජාගේ සම්මේලනවල ලප කුමාර සහෝදරයාගේ සංගමයක තරංවත් සෙනඟ නෑ.මචං සජයි,ලපයයි එකමදේට වෙන වෙනම සාමූහික,සංගම්, සම්මේලන හදාගෙන යද්දි හාමු සජාටයි,ලපයටයි හොරෙන් ඒ දෙන්නා දාලා සංගමයක් හදලා.

ඇයි බං විපක්ෂයේ බලු පොර සංගමය.දෙන්නට කා වැටෙන්න පුළුවන් විදිහේ එකම ෆෝමැට් එකක් හදලා.අද සජා කොළඹ වට කලාට පස්සේ ආයෙත් බලු පොරය ඇවිලෙනවා.

උසී…..උසී….උසී…

අස්පට් ෂූටිං.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions