Home » ඉවර උන නඩුව රාජපක්ෂලා ආයෙ පටන් ගත්තෙ චම්පිකව හිර කරන්නලු

ඉවර උන නඩුව රාජපක්ෂලා ආයෙ පටන් ගත්තෙ චම්පිකව හිර කරන්නලු

by Plus One

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ වාහනයේ තරුණයෙකු ගැටී සිදුවූ රිය අනතුරේ නඩුව සම්බන්ධයෙන් ඒ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

විභාග කොට තීන්දුවක් ලබා දී අවසාන කළ නඩුවක් නැවත විභාගයට ගැනීමට කටයුතු කිරීම ඒ මහතාට දේශපාලන වශයෙන් පහර දීමට හිතාමතා සිදු කල කටයුත්තක් බව ඔවුන් එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

එම නිවේදනය පහතින්

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහි 2016 වසරේ දී රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ බව කියන රිය අනතුරක් සම්බන්ධ නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කොට තීන්දුවක් ලබා දුන් නඩුවකි.

මෙය නැවත වරක් කරලියට පැමිණෙන්නේ ඉන් වසර කිහිපයකට පසු රාජපක්ෂ ආණ්ඩුව නැවත බලයට පත් වීමෙන් අනතුරුව, නඩුවේ පැමිණිලි පාර්ශවය විසින් ආණ්ඩු බලය හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් අනුව ය. එහිදී එවකට පොලිස් ඇමැති (මහජන ආරක්ෂක) ඇමැතිව සිටියේ චමල් රාජපක්ෂ මහතා ය. ඔහු විසින් රණවක මහතාට එරෙහිව නැවතත් පොලීසියට සිදු කරන පැමිණිල්ලක් අනුව මෙම නඩුව නැවත සළකා බැලීමට මහාධිකරණය තීන්දු කළේය.

විභාග කොට තීන්දුවක් ලබා දී අවසාන කළ නඩුවක් නැවත මහාධිකරණයක් මගින් විභාගයට ගත නොහැකි බව රණවක මහතාගේ පාර්ශවයේ නීතීවේදීහු නඩුවේ මුල සිටම කරුණු දැක් වූ අතර, ඊට අදාළ පෙත්සම් මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතී. ඊට අමතරව බොරු සාක්ෂි සැපයීම සම්බන්ධයෙන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයාට එරෙහිව ද පෙත්සමක් විභාග වන අතර, රියදුරුගේ බිරිඳ, මව සහ ළදරුවා බලහත්කාරයෙන් රැගෙන ගොස් රඳවා තබාගෙන බලපෑම් කිරීම සම්බන්ධයෙන් පොලීසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කොට තිබේ.

අදාළ අනතුරට පත් තරුණයා ඇතුළු 4 දෙනෙකු ශ්‍රී ලංකාවේ මහාමාර්ගයක ධාවනයට නුසුදුසු යැයි තහනම් කරන ලද අධිවේගී යතුරු පැදි ‘තරගයට ධාවනය කිරීමට’ ගොස් මෙම අනතුර සිදුව ඇති බව සාක්ෂි මගින් අනාවරණය වූ අතර, ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කොට සිදු කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ද පොලීසිය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

තත්ත්වය මෙසේ තිබියදී මහාධිකරණ නඩු විභාගවලදී පැමිණිලි පාර්ශවය මගින් දක්වන කරුණු පමණක් හුවා දක්වමින් පාඨලී චම්පික රණවක මහතා වෙත Hit and Run (පුද්ගලයෙකු වාහනයට යට කොට පලා යාම) නමැති චෝදනාව නැගෙන පරිදි නඩු කටයුතු වාර්තා කිරීමට සමහර ජනමාධ්‍ය දිගින් දිගටම කටයුතු කරමින් සිටී. එය සාවද්‍ය වාර්තා කිරීමක් වන අතර, රණවක මහතාට දේශපාලන වශයෙන් පහර දීම සඳහා හිතාමතාම සිදු කරන කටයුත්තක් බව පැහැදිලි ය.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම් (පා: ම පාඨලී චම්පික රණවක)
මාධ්‍ය අධ්‍යක්ෂ (එක්සත් ජනරජ පෙරමුණ)

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions