Home » ඇමති තීරණයට එරෙහිවූ විරෝධතාවයේ යෙදුණු සේවකයන්ගේ සේවය අත්හිටුවයි

ඇමති තීරණයට එරෙහිවූ විරෝධතාවයේ යෙදුණු සේවකයන්ගේ සේවය අත්හිටුවයි

by Plus One

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ යෙදුණු එහි සේවකයන් පිරිසකගේ සේවය අත්හිටුවා ඇති බවත්, ඔවුන් සියලු දෙනාම ලංකා විදුලි බල මණ්ඩලයේ මුදල් භාර ලිපිකරුවන් බවත් වාර්තා වේ.

අදාල විරෝධතාවලදී සේවාවලට බාධා කරන හෝ මාර්ගෝපදේශ කඩකරන සේවකයන්ගේ වැඩ තහනම් කර විනය ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍ය කංචන විජේසේකර විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබාදී තිබුණු අතර අදාළ විරෝධතාවයේදී ඔවුන් මුදල් අය කිරීමේ කවුළු වසා දමා පාරිභෝගිකයන්ට විදුලි බිල්පත් ගෙවා දැමීමට බාධා වන ලෙස හැසිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions