Home » අපේ පක්ෂය හරි මග ගියොත් දිනයි, සජබ සභාපති කළකිරීමෙන්ද?

අපේ පක්ෂය හරි මග ගියොත් දිනයි, සජබ සභාපති කළකිරීමෙන්ද?

by Plus One

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂයට එන ඕනෑම පුද්ගලයකු සම්බන්ධ කර ගැනීම නුසුදුසු ක්‍රියාවක් යැයි සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ම් මාර්ශල් සරත් ෆොන්සේකා මහතා කියා සිටි.

මේ වන විට ආණ්ඩුව ගෙනයන එක්සත් ජාතික පක්ෂය සහ පොදු ජන පෙරමුණ සම්බන්ධයෙන් මහජනතාව තුළ අල්ප කැමැත්තක්වත් නැති අවස්ථාවක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ගැන පමණක් සිතා පොහොට්ටුවේන් එන ඔනෑම දූෂිතයෙක් සජබට එක්කාසු කර ගැනීම නොව ඔවුන් පිළිබඳ යම් තක්සේරුවක් කර දූෂිතයන් නොවන අය සමග පමණක් ගමනක් යා යුතු බව ඔහු පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය මහජනතාවගේ අවශ්‍යතාවය හරිහැටි තේරුම් නොගෙන කටයුතු කළහොත් පක්ෂයටත් දිගු ගමනක් නොමැති බව සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙයි.

ඔහු කියා සිටින්නේ පාර්ලිමේන්තුවෙන් අඩක්වත් දූෂිතයන් වන බවත් මහජනතාවගේ අපේක්ෂාව දූෂිතයන් රහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීම බවත් එයට තම පක්ෂය ක්‍රියා කළ යුතු බවත් පෙන්වා දෙයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions