Home » UNP – පොහොට්ටු සන්ධානයට 8% යි

UNP – පොහොට්ටු සන්ධානයට 8% යි

by Nirodha Gamage

පළාත් පාලන මැතිවරණය පිළිබඳව පර්යේෂණ අනුව ආණ්ඩුවට සියයට 10ක පමණ ඡන්ද ප්‍රතිශතකයක් ලැබෙනු ඇති බවත් මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයේදී ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ දෙකටම සියයට 8ක පමණ සුළු ඡන්ද ප්‍රතිශතකයක් ලැබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා දුන් ඓතිහාසික නඩු තීන්දුවෙන් පසු ආණ්ඩුවට අකමැත්තෙන් හෝ මැතිවරණයකට මුහුණ දීමට සිදුවන බව ද සඳහන් කළේය.

මැතිවරණ කොමිසන් සභාව හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශ කළ යුතු බවත් පොලිස්පතිවරයා, මුද්‍රණාලාධිපතිවරිය මැතිවරණ පැවැත්වීමට සහාය දිය යුතු බවත් ඔහු කියා සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ස්වාධීනව කටයුතු කිරීමේ බලය ලැබී ඇති බව කී පීරිස් මහතා පැවසුවේ එය මග හැරියොත් එය බරපතළ වරදක් බවත්ය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions