Home » Naatu Naatu ඔස්කාර් දිනු පළමු ඉන්දියානු චිත්‍රපට ගීතය

Naatu Naatu ඔස්කාර් දිනු පළමු ඉන්දියානු චිත්‍රපට ගීතය

by Nirodha Gamage

ජනප්‍රිය තෙළිඟු භාෂිත චිත්‍රපටයක් වන RRR හි Naatu Naatu ගීතය ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දියානු චිත්‍රපට ගීතය බවට පත්වෙමින් ඉතිහාසගත වී ඇත.

95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී ලේඩි ගාගා සහ රිහානා වැනි ප්‍රබලයින් අභිබවා එය හොඳම ගීතයට හිමි සම්මානය දිනා ගත්තේය.

එහි ආකර්ශනීය වේගය සහ නර්තන නිර්මාණය ලොව පුරා ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ඇත.

හොඳම වාර්තා කෙටි චිත්‍රපට අංශයේ සම්මානය දිනාගත් The Elephant Whisperers සඳහා ඉන්දියාව දෙවන ඔස්කාර් සම්මානය දිනා ගත්තේය.

තුවාල ලැබූ අලි පැටවෙකු රංචුවෙන් වෙන් වූ පසු රැකබලා ගන්නා යුවළකගේ කතාව පවසන වාර්තා චිත්‍රපටය, එම කාණ්ඩයේ ජයග්‍රහණයක් ලබා ගත් පළමු ඉන්දියානු නිෂ්පාදනයයි.

දකුණු ඉන්දියාවේ මනරම් නිල්ගිරි කඳුකරයේ රූගත කරන ලද The Elephant Whisperers මිනිසා සහ සතුන් සහජීවනය ආරම්භ කරන විට ඔවුන් අතර ඇති වන උණුසුම් බැඳීම ගවේෂණය කරයි.

Naatu Naatu ගීතය ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ජනවාරි මාසයේදී දිනාගත්තේ එම සම්මානය දිනු පළමු ඉන්දියානු ගීතය වෙමිනි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions