Home » IMF ගිවිසුමෙන් අපි ඉවත් වුනොත් රටේ ආර්ථිකය නැවත බිද වැටෙයි – ජනාධිපති රනිල්

IMF ගිවිසුමෙන් අපි ඉවත් වුනොත් රටේ ආර්ථිකය නැවත බිද වැටෙයි – ජනාධිපති රනිල්

by Plus One

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පෙබරවාරි තුන් වැනිදා අත්සන් කිරීමට නියමිත බව කොළඹ රේගු මූලස්ථානයේ පැවති ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි .

තරගකාරී වෙළෙඳපොළක් සමග අපනයන වැඩි කර විදේශ විනිමය ඉහල නංවා ගැනීමට කටයුතු කළ යුතු බවත්, මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවහොත් රටේ ආර්ථිකය පිළිබඳ නැවත විශ්වාසයක් තැබිය නොහැකි බවත්,සියලු දෙනා එක්ව පොදු එකඟතාවයකින් රට ජයග්‍රහණය කරා මෙහෙයවිය යුතු බවද වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට හදන විකල්ප යෝජනා තිබේ නම් වහා ඒවා ඉදිරිපත් කරන්නැයි සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions