ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ණය පැති වූ ගත කිරීම තවදුරටත් වෙනස් විය යුතු බව රොයිටර් පුවත් සේවය වාර්ථා කරයි. ලබා ගැනීමට අපේක්ෂිත ඩොලර් බිලියන 2.9 ක මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් විධායක කමිටුවේ අනුමැතිය මෙම වසරේ අවසානයේ ලබාදීමට නියමිතව තිබුණ ද ඒ සඳහා අවශ්‍ය ප්‍රධාන පියවරක් ශ්‍රී ලංකාව ගෙන නොමැති බැවින් මෙම අපේක්ෂාබංගත්ව සිදු වී තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ විස්තීරණ ණය මුදල ලබා ගැනීම සඳහා වන ශ්‍රී ලංකාවේ වැඩ පිළිවෙල ඉතාමත් මන්දගාමී ලෙස සිදුවන බවයි.
2022 වසර සඳහා වන විධායක කමිටු වැඩසටහන් පෙළ ගැස්ම මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෙ නිල වෙබ් පිටුවේ සඳහන් කර ඇති නමුත් සෙසු රාජ්‍ය සම්බන්ධයෙන් එහි සඳහන්ව තිබුණ ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිවක් සඳහන් වී නොතිබුණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනතාව තම සමාජ මාධ්‍ය ගිණුම් වල සඳහන් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ ප්රමුඛ වික්‍රමසිංහ ප්රමුඛ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය පිළිබිඹු වන බවයි.