Home » ETCA එන හැටි – අස්පට් ෂූටිං

ETCA එන හැටි – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා…….කොහොමද අපේ ලප කුමාර සහෝදරයාට අසල්වැසියා දුන්න welcome එක.පට්ටයි නේ.ලප කුමාර සහෝදරයා ටයි කෝට් අන්දලා ගත්තම මාර look එකක් තියනවනේ. නිකං හාමුගේ පුංචි අම්මගේ පුතා වගේ.

ඇයි බං ආචාර්ය සහෝදරිය එක්ක ගිහින් නැත්තේ. ජනාධිපතියි,අගමැතියි දෙන්නම සාකච්ඡාවට හිටියා නං කොච්චර ශෝක්ද?ලප කුමාර සහෝදරයා සිංග්‍රීසිවලින් දෙනකොට ම,ආචාර්ය සහෝදරීට english වලින් දෙන්න තිබුණා ජය ශංකර වැටෙන්න.

මචං උඹලා මොකක්ද හිතන්නේ ඔය සංචාරය ගැන.අස්පට් ෂූටිංටත් හරියට හිතාගන්න බැරිව හිටියේ මේ පාර pracidencail එකේදී අසල්වැසියා කාටද සපෝට් කරන්නේ කියලා.දැන් නං මචං පට්ට පැහැදිලියි.

නැත්තං මචං රටේ විපක්ෂ නායකයෙක් ඉන්නවා. සාමාන්‍යයෙන් මචං විපක්ෂ නායකයනේ ඊළඟ රාජ්‍ය නායකයා.මිනිහටනේ මචං ඔය treatment එක දෙන්න ඕනි.විපක්ෂයා කපලා ලප කුමාර සහෝදරයා ගෙන්නපු එකෙන් වැඩේ පැහැදිලියි නේද?

අස්සට් ෂූටිං.හිතුවේ නෑ අසල්වැසියා මේ සැරේ හාමුට සපෝට් කරයි කියලා.බලපං මචං අසල් වැසියා කරන්නෙත් හාමුගේ කොන්ත්‍රාත්නේ.ලපයා ගෙනත් ඔය වගේ treatment එක දීලා දැක්ක ගහලා තිබුණ ටීවිටර් පණිවිඩය.

ලප කුමාර සහෝදරයත් එක්ක ද්වීපාර්ශ්වික සාකච්ජා කළා කියලනේ කියලා තිබුණේ.මචං රාජ්‍ය නායක ටයිප් එකක් ලපයට දීලා තිබුණා. අසල්වැසියා මේ කරන්නේ ලප කුමාර දිනනවා කියලා සජාට සිග්නල් දෙන එකනේ.

ලපයා සජාට වඩා ඉදිරියෙන් කියලා ඔත්තු සේවයෙන් ආවා කියලනේ ඔය කියන්නේ. මේ කරන්නේ ලපයා එක්ක තරඟෙට යන්නේ නැතිව හාමු එක්ක එකඟතාවයකට පලයං කියන එක නෙවෙයිද මචං.

මේක දැක්ක ගමන් සජා බය වෙනවා.බය වෙලා හාමු එක්ක සාකච්ඡාවට යනවා.සජා ගියේ නැතත් සජාගේ සෙට් එක හරි ගලෝගෙන යනවා.මේ කියන්නේ ලපයා පරද්දන්න දෙකොන් සටනක් කරපල්ලා කියලනේ.ලපයත් දැන් හිතනවා දිනන්න අසල්වැසියාගේ සහය ගන්න.

මචං ළඟ ළඟම එට්කා එනවා.ඊට ඉස්සෙල්ලා ලපයගේ කට අසල් වැසියා වැහුවා.දැන් ඉතින් හාමු එට්කා නෙවෙයි, හුළං බලාගාර නෙවෙයි පැලවත්තේ head quarters එක අසල්වැසියට වික්කත් ලපයා no කතා no සිනා විතරයි.හාමු මචං එක ගලෙන් කුරුල්ලෝ දෙන්නත් මරලා එට්කා එකත් ගහගත්තා.

තව මාස 06 උඹලා මගේ පැත්තේ කියලා වටයට කිව්වේ නිකං නෙවෙයි කියලා මේ උදාහරණෙන්වත් තේරුම් ගනිල්ලා.

අස්පට් ෂූටිං.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions