Home » අපේ ඔපසිෂන් ලීඩර් – අස්පට් ෂූටිං

අපේ ඔපසිෂන් ලීඩර් – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා……සජා සුළු පක්ෂ ටිකත් එක්ක අලුත් ගිවිසුමක් ගහනවා දැක්කද? වතුකරයේ සෙට් එකක් හිටියා.ඇයි බං සජා මෙහෙම පාක්ෂිකයෝ අන්දන්නේ.ඔය සෙට් එකත් එකනේ මුලින්ම ගිවිසුම් ගහලා දුරකතනයෙන් තරඟ කළේ.

එතකොට මොකද්ද මචං මේ ගිවිසුම.සජා එක්ක ගිවිසුමක් තියනවා කියලා ගිවිසුමක් අත්සන් කලා වගේ වැඩක්නේ මේක.මොකද්ද බං ඒ සජා කරපු වැඩේ තේරුම.

අස්සට් ෂූටිං කියන්නද සජා ගහපු ගේම.

දැන් මචං කෘත්‍යාධිකාරියෙන් සන්ධානයක් හදන්න සජාට බලය දීලනේ තියෙන්නේ.සජාට ඒක කරගන්න බැරි උනානේ.බැරිකම වහගන්න සජා කළේ පවුල් පාලනේ අනාතයෝ සෙට් එකක් ඇතුලට දාගත්ත එකනේ.

ඒකෙන් මචං මණ්ඩලේ කචල්වෙලානේ තියෙන්නේ. සජාට එන්නේ පවුල් පාලනේ හොරු විතරයි කියලා කවුරුත් කියන්න පටන් අරන්.දෙකම එකයි කියනවා.මේ චෝදනාවෙන් බේරෙන්න සජා ගහපු ප්ලෑන් එකනේ මචං ඕක.

සජා ඔය ප්ලැන් එක ගැහුවේ තමන්ගේ සාමාජිකයා අන්දන්න.බලපං මචං සජා තමන්ගේ උන් ගැන හිතාගෙන ඉන්න විදිහ.තනිකර මෝඩයෝ කියලනේ.හරි නං සාමාජිකයෝ එකතු වෙලා සජාට නඩු දාන්න ඕනි මේ කරපු අපහාසෙට.

පරණ ගිවිසුමක් ආයෙත් අලුත් කරලා පෙන්නලා ගොනාට අන්දන්නනේ හැදුවේ.ඇයි බං සජා එච්චරටම මෝඩ.මේ යකා මෝඩකමටත් එක්ක ආර්යාවත් අන්දන්න විවාහ ගිවිසුමත් අලුත් කරයිද මන්දා.

මචං ඔය තත්වය යටතේ සජා අසල්වැසියා හම්බ වෙන්න යවන එක හොඳද?මේ යකා මෙච්චරම මෝඩයි කියලා එහේ දන්නේ නැතිව ඇතිනේ. ගියොත් නං කිරිහාමි ටයිප් කියලා දැන ගන්නවාම තමයි.

බැරිද මචං එහේ යවන්නේ නැතිව වෙන කොහේට හරි පටවන්න.බලුකිස්ථානයට උනත් කමක් නෑ. මොකද මචං මේකා පරණ ගිවිසුම් අලුත් කරන බව අසල් වැසියා දැන ගත්තොත් මෙහෙත් එක්ක ගහලා තියන ඔක්කොම අලුත් කරගනී.

මුත්තා එක්ක ගහපු ගිවිසුමත් අලුත් කරගෙන,13++ කරගනී.ඊට පස්සේ අසල්වැසියා ඕක පෙන්නලා කියයි එදා තාත්තා විරුද්ධ උනාට අද පුතා කැමති කියලා.අස්පට් ෂූටිං කියන්නේ මෑන් යැව්වොත් පුතානෝ විතරක් නෙවෙයි පියානෝත් ඉවරයි.

මචං සජා ඔය ගිවිසුම අත්සන් කරන්නේ සජාගේ පාක්ෂිකයන් අන්දන්නනේ.ඒකට කමක් නෑ කියමුකෝ.මේ යකා අරහේ ගිහින් පිස්සු නැටුවොත් රටටම හොඳ නෑ.ඇයි බං සජා අපේ ඔපසිෂන් ලීඩර්නේ.ඉතින් රටක් ඉස්සරහට යයිද මචං.

අස්පට් ෂූටිං.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions