Home » ගියේ රාවණා ආවේ හනුමන්තා – අස්පට් ෂූටිං

ගියේ රාවණා ආවේ හනුමන්තා – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා……..EU එකේ මැඩම් කෙනෙක් ඇවිත් අපේ ලප කුමාර සහෝදරයා හම්බවෙලා ගිහින් නේද?කොමසාරිස්වරියක්ලු.බලපං ලප කුමාර සහෝදරයට අසල් වැසියා දුන්න welcome එකෙන් පස්සේ ලෝකෙම හොල්මන්වෙලා.

මචං EU එක කියන්නේ සුළු පටු තැනක් නෙවෙයි. ඉතිහාසේ අපිව යටත් කරගත්ත ජාතීන් තුනම ඉන්නේ එතන.G20 එකෙත් EU එක ඉන්නවා.ඇයි බං G7 එකේ EU එකේ දළකාරයෝ ටික ඉන්නවා.

මචං ලපයට සෙට් වෙන්නේ පොඩි පහේ තැන් නෙවෙයි.ඕවා ඩොලර් විමාන.ඕසීවල අපේ පොරවල් දුන්න ඩොලර් දෙක තුන වගේ නෙවෙයි. EU කාරයෝ දෙන්න පටන් ගත්තොත් ආයෙත් නෑ දිගෑරෙන්නම දෙනවා.

මචං ලපයා රාජ්‍ය තාන්ත්‍රික වශයෙනුත් දැවැන්ත විප්ලවයක් කරන්න වගේ හදන්නේ.අස්පට් ෂූටිං හිතන්නේ ලපයාගේ හින්දුස්ථාන් ටුවර් එක ගැන මුළු ලෝකයම සමීපව අධ්‍යයනයක් කරලා තියනවා.ඊට පස්සේ තමයි මචං ඔය වගේ පිලිගැනීමක් ආවේ.

මචං ඔන්න බලපං ඊළඟට එන්නේ ලප කුමාර සහෝදරයාගේ EU ටුවර් එක.එක ටුවර් එකෙන්ම ඔක්කොම රටවල් ටික visit කරලා එන්නත් පුළුවන්.උඹලා හිතන්නේ ඇයි ඔච්චර ඉක්මනට EU එක ලප කුමාර සහෝදරයා ටච් කළේ.

ඇයි බං උන්ටත් පේන්න ඇතිනේ අසල්වැසි රටට යනකොට ගිය ලපයා නෙවෙයිනේ ආපහු එනකොට ආවේ.ගියේ මචං රාවණා වගේ පොරක්.හැබැයි ආවේ හින්දුස්ථාන්වලට අවනත වෙච්චි හනුමන්තෙක්.

කොටින්ම කියනවා නං ගියේ සිංහයෙක් ආවේ මී මින්නෙක්.මචං EUකාරයට තේරුණා ලපයා යන තැනට අනුව වෙනස් වෙන පොරක් කියලා.අර කටුස්සා වගේ ඉන්න පරිසරය අනුව පාට වෙනස් කරනවා.මහා ලොකු අමුල් විරෝධියා දැන් අමුල් ඒජන්ට්වෙලා.

එතකොට මොකද්ද EUවලට ලපයගෙන් තියන ප්‍රයෝජනය.ඇයි මචං EU එකටත් ඕනි EU කියන පදේට නටන තවත් සෙලෙන්ස්කි කෙනෙක්.එහේ සෙලෙන්ස්කි දැන් කොයි වෙලේද දන්නේ නෑනේ. ඊළඟ සෙලෙන්ස්කි South Asia වලින් හදාගන්න EU කාරයා ට්‍රයි කරනවා.

අස්පට් ෂූටිං.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions