Home » සජිත් තනිකොට ස්වාධීන වන විජයමුණි සොයිසා. මොණරාගලින් තරග කිරීමට කල ඉල්ලීම ප්‍රතික්ෂේප කරලාලු

සජිත් තනිකොට ස්වාධීන වන විජයමුණි සොයිසා. මොණරාගලින් තරග කිරීමට කල ඉල්ලීම ප්‍රතික්ෂේප කරලාලු

by Plus One

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කටාන ආසන සංවිධායක හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන වීමට තීරණයක් ගෙන ඇති බව අපට ආරංචි වෙයි.

වසර ගණනාවක් මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ මහතා පසුගියවර මහමැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කල අතර පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි විය.

වත්මන් දේශපාලන තත්වයන් සලකමින් තමන්ට නැවතත් මොණරාගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාව ලබා දෙන මෙන් පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා ඇති අතර ඊට එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතාගේ දැඩි විරෝධය හමුවේ ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් සමගි ජන බලවේගයෙන් ස්වාධීන වීමට හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා තීරණය කර ඇති බව වාර්තාවේ.

විජයමුනිගේ කරණම ශ්‍රීලනිප දෙසටද?

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions