Home » දාර්ශනිකව බයියා කියන විදිහ – අස්පට් ෂූටිං

දාර්ශනිකව බයියා කියන විදිහ – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා……මොකද බං අර ආචාර්ය සහෝදරී හැම වේලෙම අපේ ටිංටිං සහෝදරයටම කැපිලි දාන්නේ.යටත් විජිත සහෝදරයා කිව්වනේ ලප කුමාර සහෝදරයා pracident කරලා ආචාර්ය සහෝදරී prime minister කරනවා කියලා.

මචං ආචාර්ය සහෝදරියට prime minister ගායවත් හැදිලද?ටිංටිං සහෝදරයටමනේ කෙලලා දානේ.යටත් විජිතට,මෝල් කාන්තලට මොකවත් කියන්නේ නෑ.මචං පොඩ්ඩක් හොයලා බලපං ටිංටිංගෙන් ආචාර්ය සහෝදරීට අයුතු යෝජනා එහෙම එනවද කියලා.

දන්නවනේ මචං සතා මොකාද කියලා..
අද නං මචං අස්පට් ෂුටිං පෙනී ඉන්නේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් නෙවෙයි.කෙලින්ම ටිංටිං සහෝදරයාගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන්.

අනික මචං කැපිලි දානවනං ඒවා ටිංටිං සහෝදරයටත් තේරෙන විදිහට කියන්න ඕනිනේ.ආචාර්ය හාෂාවෙන් දාන කැපිලි ටිංටිංට තේරෙන්නේ නෑ.දැන් බලපං ආචාර්ය සහෝදරී ගණිකා වෘත්තිය නීතිගත කිරීම වෙනුවෙන් හදන සංවිධාන ඔක්කොටම යනවා.ගිහින් කියන්නේ ටිංටිං සහෝදරයාට විරුද්ධ කතාමනේ.

මචං ටිංටිං සහෝදරයා දිගටම කිව්වේ එයාලා බලයට ආවම World Bank,IMF ෆ්ලග් ඔක්කොම ගලවනවා කියලනේ. ආචාර්ය සහෝදරී කියන්නේ ඒකේ අනිත් පැත්ත.IMF යනවලු.ණය ගන්නවලු.බදු ගහනවලු,එයා ළඟ ෆ්ලග් ගලවන කතා නෑ.ඒකත් කමක් නෑ කියමුකෝ මචං.

දැන් ටිංටිං සහෝදරයාට බයි නොකියා බයියා කියනවානේ මචං.මේ ලගදී ආචාර්ය සහෝරී කියලා තිබුණා නිර්ධන ව්‍යාපාරය.සුළු ධනේශ්වර ව්‍යාපාර කියන වචන  හද්දා පරණ පටිසර ඒවා කියලා.ඒ කියන්නේ ඒවා පට්ට ග්‍රාම්‍යයි කියලනේ. ග්‍රාම්‍ය කියන්නේ බයියන්ට තමයි.ඒ බයි ටෝක්ස් දැන් ඕනිම නෑ කියලයි ආචාර්ය සහෝදරී කියන්නේ.

ඉතිං මචං ටිංටිං සහෝදරයානේ නිර්ධන පංතිය,නිර්ධන පංති ව්‍යාපාරය,සුළු ධනේශ්වර පන්තිය.සුළු ධනේශ්වර පක්ෂ,සමාජවාදය ගැන ජෙප්ස්ලට කියලා දුන්නේ.ඒවා මචං හද්දා පරණ ග්‍රාම්‍ය ගොඩට දැමීමෙන් කරන්නේ ටිංටිං සහෝදරයා දාර බයියෙක් කරන එක නෙවෙයිද?

ඊළඟ රවුමේදී මොනවා කියයිද දන්නේ නෑ.

අස්පට් ෂූටිං.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions