Home » එයාලගේ හැටි එහෙමයි – අස්පට් ෂූටිං

එයාලගේ හැටි එහෙමයි – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා…..මාර සතුටුදායක ආරංචියක් තියනවා කියන්න.ජෙප්පෝ ඔක්කොම ටික පට්ට විදිහට මානුෂික වෙලා බං.අමු කුණුහරපෙන් post දාපු ජෙප්පා සෑහෙන්න soft වෙලානේ.

කපනවා,කොටනවා,ගහනවා,මරනවා කියපු ජෙප්පෝ දැන් එන්න…..කන්න… බොන්න…. කියන්න….. දෙන්න…. ගන්න… යන්න ….වගේ කනට මිහරි වචන පාව්චි කරන්න පටන් අරන්.

තෝ…තොපි…බල්ලෝ…බූරුවෝ කියලා කියපු ජෙප්පෝ ඔයා….මෙයා….. කියන ගානට ඇවිල්ලා.සමහර ජෙප්පෝ දැන් මචං ඔබතුමා කියලත් කතා කරනවා. මොකද්ද මචං ජෙප්පන්ගේ මේ වෙලා තියන වෙනස.මෙහෙම වෙනස් වෙනවා නං මචං අස්පට් ෂූටිං උනත් pracidancail එකේදී  ලපයා ගැන හිතනවා.

මචං ජෙප්පෝ ටික සියලු කෙලෙස් නසලා මොකක් හරි මාර්ග ථලයකටවත් පත්වුනාද?නැත්තං මචං ජෙප්පෝ ඔක්කොම එකපාරට මෙච්චර පරිනත පොරවල් ටිකක් වෙන්න විදිහක් නෑ.අපේ ලප කුමාර සහෝදරයා කිව්වද දන්නේ නෑ දැන් ජයග්‍රහණයත් ෂුවර් හින්දා පරණ තරහා මරහා අමතක කරලා දාන්න කියලා.

මචං අර රාජ්‍ය බලය ගත්තට පස්සේ මර්ධනය කරනවා කිව්ව මෝල් කාන්ත සහෝදරයත් ඒ කතාව සම්පුර්ණයෙන්ම නතර කරලා.මෝල් කාන්ත සහෝදරයා දැන් කතා කරන්නේ කන්තා පියයුරු ගැන විතරයි.මචං සමහරු අපෙන් අහනවා මෝල්ට මෝල්ද කියලා.ලැජ්ජාවේ බෑ බං.

මචං අස්පට් ෂූටිං හරියටම කියන්නද මෙතන වෙලා තියන්නේ මොකද්ද කියලා. මෝල් කාන්ත සහෝදරයා බලය ගත්ත ගමන් මර්ධනය ගේනත් කුඩු කරනවා කිව්වට පස්සේ ඔක්කොම බය වෙලා.

දැන් උන් දන්නවා ලපයා බලයට ආවහම කොහොමත් කන්න වෙනවා කියලා.ඊට ඉස්සෙල්ලා උන් තීරණය කරලා කොහොම හරි ලපයලා බලයට එන එන නවත්තන්න.ඒවට දැන් වෙන වෙනම plan හැදෙනවා.

උනුත් ගේමකට සෙට් වෙනවා කියලා ආරංචි වෙලා විප්ලවාදී ජෙප්පෝ ඔක්කොම පසුබැහැලා.Facebook එකේ ගිරාපෝතක ජෙප්පොත් පට්ට ඩීෂන් වෙලා.මචං සනා බෝයිගේ මරණෙන් පස්සේ පහත් විදිහට අපහාස කරන facebook account  ගැන report එකක් අරන්.

ඒ ඔක්කොම ජෙප්පොලු.ලබන සතියේ ඔන්ලයින් පනත ඇක්ටිව් උනාට පස්සේ අපහාස කරපු අයට විරුද්ධව නඩු දාන්න පුලුවන්ද කියලා සලකා බලනවලු.ඒක ආරංචි වෙච්ච Facebook ජෙප්පෝ ගොඩක් අතුරුදහන්.

ජෙප්පෝ එකා දෙන්නා හැලෙනකොට අස්පට් ෂුටිං හිතුවේ යකෝ හාමු  සුදු වෑන් සංස්කෘතියටවත් බැහලාද කියලා.

නෑ මචං ජෙප්පෝ ඔක්කොම ස්වේච්චාවෙන්ම අතුරුදහන් වෙලා.ඒ තමයි මචං ජේප්පා.කටිටිය ගොඩක් ඉන්න කොට මාර විප්ලවවාදී,තනියෙම ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනකොට පට්ට් අවිහිංසාවාදී.නිකම්ම රතු අලි වෙනවා.

අස්පට් ෂූටිං.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions