Home » ගෝඨාභය රාජපක්ෂ පන්නපු අරගලයේ මූලිකත්වය ගත්තෙ සජබ – මුජිබර් රහුමාන්

ගෝඨාභය රාජපක්ෂ පන්නපු අරගලයේ මූලිකත්වය ගත්තෙ සජබ – මුජිබර් රහුමාන්

by Plus One

“වෙනසක් හදන වසරක් 2024” තේමාවෙන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් එළඹෙන 30 වන දින කොළඹදී පැවැත්වීමට නියමිත අතර විරෝධතාවය පිළිබඳව සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් දැනුවත්කිරීමේ වැඩසටහනක් ඊයේ මැද කොළඹ සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේදී පැවැත්විය.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, දුෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු මුජිබර් රහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සමගි ජන බලවේගයේ මැද කොළඹ ආසනයේ ක්‍රියාකාරීන් රැසක් මෙම වැඩසටහනට එක්ව සිටියේය.

මුජිබර් රහ්මන් මහතා මෙහිදී කියා සිටියේ ඡන්ද 69ලක්ශයක ජන ජනවරමක් ලබාගත් විධායක ජනාධිපතිවරයෙක් එලවා දැමීමේ ක්‍රියාවලියට සමඟි ජන බලවේගය ඉකුත් මාර්තු 16 වන දින ප්‍රමුඛත්වය ගත් බවත් ජනමතයක් නොමැති වත්මන් ජනාධිපති සහ ආණ්ඩුව විසින් නැවත නැවතත් ජනතාව පීඩනට පත්කරමින් ව්‍යවස්ථා විරෝධී ලෙස අණ පනත් සම්මත කරගනිමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පවා බලපෑම් කරන මෙම අත්තනෝමතික පාලන තන්ත්‍රය එලවා දැමීමේ පළමු වෙඩි මුරය එළඹෙන 30 වන දින කොළඹින් ආරම්භ කරන බවත්ය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions