Home » සිරිසේනට ලැබුණු රුසියානූ පණිවිඩය

සිරිසේනට ලැබුණු රුසියානූ පණිවිඩය

by Plus One

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමන් අතර හමුවක් ඊයේ (26) හිටපු ජනපති නිල නිවසේදී පැවැත්විණි.

දැනට මෙරට පවතින දේශපාලන තත්වය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන තත්වය පිළිබඳවත් රටවල් දෙක අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳවත් එහිදි සාකච්ඡා කෙරිණි.

රුසියානු රාජ්‍යයේ සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බවත් එහිදී හිටපු ජනාධිපතිතුමා පැවසීය. ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක රුසියාව ලබාදුන් සහය පිළිබඳව තමන් කෘතවේදී වන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අඛණ්ඩව සහය ලබා දීම සම්බන්ධයෙන් රුසියානු තානාපතිතුමාට ස්තුතිය පළ කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

ශ්‍රී ලංකාවේ නොබැදි විදෙස් ප්‍රතිපත්තිය පිළිබඳව හිටපු ජනාධිපතිතුමා අදහස් පළ කළේය.

තානාපතිතුමන් අදහස් පළ කරමින් සඳහන් කළේ ලබන පෙබරවාරි මාසය වනවිට ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන රට බවට රුසියාව පත්වනු ඇති බවයි.

ඉදිරියටත් දෙරට අතර සබඳතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවද හිටපු ජනාධිපතිතුමා සඳහන් කළේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions