Home » මාගේ පියා කළ සේම ආගමික සිද්ධස්ථාන රැක ගැනීම, මා ඉදිරියටත් කරගෙන යනවා – සජිත් ප්‍රේමදාස

මාගේ පියා කළ සේම ආගමික සිද්ධස්ථාන රැක ගැනීම, මා ඉදිරියටත් කරගෙන යනවා – සජිත් ප්‍රේමදාස

by Plus One

ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස රටේ ඇති අති උතුම් පූජ්‍යස්ථාන, පූජාභූමි ආරක්ෂා කිරීමත් ආගමික සිද්ධස්ථාන රැක ගැනීම‍ත් රටේ පුරවැසියන් සියලු දෙනාගේම වගකීම බව ‘සසුණට අරුණ’ වැඩසටහන යටතේ දෙවිනුවර දේවාලයේ ප්‍රධාන වාහල්කඩ අලුත්වැඩියා කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

මෙම ව්‍යාපාතිය විවෘත කළේ විපක්ෂ නායකවරයා ලෙස නොව රටේ සිවිල් පුරවැසියකු ලෙස බවත්, එම ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් කළ යුතු යුතුකම් සම්භාරය ඉටු කිරීමේ සත්කාරය නිසා බවත්, බුදුදහමට අනුව අපගේ ගති පැවතුම් ක්‍රියාකලාපයන් උසස් සාරධර්ම කේන්ද්‍ර කර ගෙන ශිෂ්ටසම්පන්න ජන සමාජයක් තුළ නිහතමානීව සංවරශීලීව කටයුතු කළ යුතු බවත්, ආගම දහම අනුව අපගේ ක්‍රියාකලාප හැඩගස්වමින් ජන සමාජයේ දියුණුව උදෙසා කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ කරන ලදී.

එසේම ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ තාක්ෂණ නිලධාරීන්ගේ සහ බස්නායක නිලමේවරයාගේ අධික්ෂණය යටතේ මේ කටයුතු දිගින් දිගටම ඉටු කිරිමටත්, මේ තුළින් ලැබෙන ආලෝකයෙන් රට වැටී ඇති තැනින් ගොඩ ඒමට ආශිර්වාදයක් වන බවත් විපක්ෂනායකවරයා කියා සිටි.

තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ද දෙවිනුවර පුදබිම වෙනුවෙනු සුවිශාල සේවාවන් රැසක් ඉටු කළ බවත්, එම සේවාවන් තවදුරටත් ඉදිරියට ගෙන යාම තමාගේ අරමුණ බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

තවද කඹුරුපිටිය ගම් උදාව කේන්ද්‍ර කර ගෙන මෙම විහාරස්ථානය සහ උතුම් පුදබිමට පූජා කළ අක්කර 25ක වැදගත් භූමිභාගය යම් යම් ආරවුල් නිසා එහි ස්ථාවරත්වය පිළිබඳා ගැටලු පැනනැගී ඇති මොහොතක පාර්ලිමේන්තුව තුළ කරුණු කාරණා ඉදිරිපත් කරමින් මෙහි නිරවුල් භාවය කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රකාශ කරන ලදී.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions