Home » හතර දෙනාගේ කල්ලිය විසින් වනසා දැමූ ජවිපෙ අධ්‍යාත්මය – රටේ රාළ

හතර දෙනාගේ කල්ලිය විසින් වනසා දැමූ ජවිපෙ අධ්‍යාත්මය – රටේ රාළ

by Plus One

ජවිපෙ ඇතුලේ සිද්ධ වෙලා තියන මතවාදී බිඳවැටීම ගැන ජවිපෙ ඇතුලේ වගේම බාහිර සමාජයෙත් ලොකු සංවාදයක් ඇතිවෙලා තියනවා.ඒ,ඒ සංවාදය උඩට ගන්න රටේ රාළ බළකාය තීරණය කරපු හින්දයි.ඒ එක්කම ජවිපෙ ඇත්ත සාමාජිකයා මේ බිඳවැටීම ගැන තද කම්පනයක ඉන්නවා.දැන් ටිල්වින් කියන බහුභූත කතාවලින් ඒ කමිපනය තවත් වැඩිවෙනවා.

ජවිපෙ ඇතුලේ ඉඳන් රටේ රාළ බළකායේ සටනට එයාලත් එකතු වෙලා. මාලිමවේ කුණුහරප බළකාය රටේ රාළලා එල්ල කරන මේ ප්‍රහාරයට ගොඩක් රිදිලා.ජවිපෙ ඇත්ත සාමාජිකයාගේ කම්නය ගැන නං රටේ රාළට තේරෙනවා.ඒ හැර ජවීපෙ මෙතෙන්ට පත් කරපු වර්තමාන නායකයන් සහ මාලිමාවේ කුණුහරප බලකාය නං අපට අදාලම නෑ.

ඇත්තටම ජවිපෙ තිබුණ අධ්‍යාත්මය කියන්නේ සුළු පටු එකක් නෙවෙයි.ඒ අධ්‍යාත්මය ලෝකයේ මෙතෙක් පැවති කිසිම විප්ලවවාදී ව්‍යාපාරයට දෙවෙනි නොවෙන එකක්.රටේ රාළලාට නං කවදාවත් ඒ අධ්‍යාත්මයෙන් මිදෙන්න බෑ.ඒ අපේ ලේ එක්ක ඒ අධ්‍යාත්මය බද්ධ වෙලා තියන හින්දයි.ඒ අධ්‍යාත්මය පවාලා දෙන වර්තමාන ජවිපෙ නිවට නායකයන් ඉදිරියේ දනින් වැටෙන්න අපි සුදානම් නෑ.

ජවිපෙ අධ්‍යාත්මය ගැන අනුරලා, ටිල්වින්ලා අහලාවත් නැති කතාවකින් රටේ රාළ අද කතාව පටන් ගන්නම්.89 නොවැම්බර් 13 වෙනිදා විජේවීර ඝාතනය කරනවාත් එක්ක ජවිපෙට එල්ල වුන රාජ්‍ය මර්ධනය උපරිම තැනට ආවා.ඒ වෙනකොට ජවිපෙ නයකයා බවට පත්වෙලා හිටියේ සමන් පියසිරි ප්‍රනාන්දු.

සමන්ට තිබුණ ප්‍රධාන ප්‍රශ්නය මේ මර්ධනය ඉස්සරහා තමන්ගේ බලවේගය ආරක්ෂිතව පසු බස්සන්නේ කොහොමද කියන එක.ඒ වෙනකොටත් රෝහණ විජේවීර සහ උපතිස්ස ගමනායක ඇතුළු දේශපාලනය මණ්‌ඩලයේ කීපදෙනෙක් ඝාතනය කරලා.ඇත්තටම ජවිපෙ හදවතටම පහරදීලා.

ඒ මදිවට මර්ධනය.ඒ මොහොතේ ජවිපෙ දේශපාලන මණ්‌ඩලය තීරණය කරන්නේ හතුරාට එකවර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් පසු බහින්න.රටේ රාළ මේ කතාව කියන්නෙ මේ කතාවේ කතානායකයා සහ කතානායිකාව අද ජීවතුන් අතර නැති හින්දයි.එදා ඒ පසු බැසීමේ ප්‍රහාරයේ මූලික සැලසුම වෙන්නේ එවකට රාජ්‍ය ආරක්ෂක ඇමති රන්ජන් විඡේරත්න ඝාතනය කරමින් පහුබහින්න.

රන්ජන් ඝාතනය කිරීමේ මූලික අරමුණ උනේ පක්ෂයේ ඉතිරි වෙලා ඉන්න සාමාජිකයන්ට පසුබැසීමට අවස්ථාව හදලා දෙන්න සහ රන්ජන් එලව එලවා කරන මර්ධනය නතර කරගන්න.ඒ වෙනකොටත් රන්ජන් ඝතනය කරන්න දරපු උත්සාහයන් කීපයකුත් ව්‍යර්ථ වෙලා තිබුණා.ඒක හින්දා ඒක කරන්න ජවිපෙ ඊළඟට තෝරගත්තේ මරාගෙන මෑරෙන ප්‍රහාරයක්.ජවිපෙ කවදාවත් තමන්ගේ සාමාජිකයා මරාගෙන මැරෙන මිනිස් බෝම්බ බවට පත් කළේ නෑ වගේම තමන්ගේ සාමාජිකයාගේ කරේ සයනයිට් කරල එල්ලුවේ නෑ.

ඒ ට්‍රේනිං එක ජවිපේ තිබුණේ නෑ.ජවිපෙට තිබුණ එකම අවිය තමන්ගේ අරමුණ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන සාමාජිකයෙක් නිර්මාණය කරන්න පුළුවන් උන එකයි.ඊළඟට ඒ සාමාජිකයා තමන්ට ඊළඟ මොහොතේ අත්වෙන ඉරණම දැනගෙන හිටීයත් තමන්ගේ අරමුණ ජීවිතයට වඩා උතුම් කියලා සළකපු කෙනෙක්.

රන්ජන් ඝාතනයට ඉදිරිපත් වෙන්නේ ශිෂ්‍ය සංගමය නියෝජනය කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් සහ ශිෂ්‍යාවක්.එයාලා කලින් හමුවෙලා නැති දෙන්නෙක්.ටාගට් එක උනේ රන්ජන් එන උත්සවයක්.එතනදී බඩේ බැදගත්ත බෝම්බය පුපුරවා හරින්න.ඒ වෙනුවෙන් දෙන්නෙක් සුදානම් කරන්නේ කොහොම හරි ඉලක්කය ගන්න.

ප්‍රහාරයට දවස් දෙකකට උඩදී ඒ දෙන්නා අදාල තැන ස්ථානගත කරනවා.ප්‍රහාරයට ඉස්සෙල්ලා දවසේ රෑ අර තරුණයා තරුණියට යෝජනාවක් කරනවා.හෙට අපි දෙන්නම මැරෙනවා.ඒක නිසා අද අපි මේ විදිහට ගත කරමු කියලා.හැබැයි තරුණිය ඒ යෝජනාව එක හෙලාම ප්‍රතික්ෂේප කරනවා.එයා තමන්ගේ ටාගට් එකෙන් පොඩ්ඩක්වත් එහා මෙහා වෙන්න කැමති වුනේ නෑ.

හැබැයි අර තරුණයා තරුණියගේ ප්‍රතික්ෂේප කිරීම බාරගන්නවා.යෝජනාව ගැන සමාව ඉල්ලලා එයත් ඉල්ලක්කයට සූදානම් වෙනවා.හැබැයි මේ දෙන්නා රන්ජන් බලාපොරොත්තුවෙන් හිටියත් එදා රන්ජන් එතනට එන්නේ නෑ.පස්සේ මේ සැලසුම ගැන සමාලෝචනයට කරලා ඒ මෙහෙයුම අත්හරින්න රැස්වුන තැනදී අර කතාව අනාවරණය වෙනවා.

ඒ තරුණි අර තරුණයාට චෝදනාව ඉදිරිපත් කරලා තිබුණේ අප්‍රමාණ භක්තියකින්.ඒ තමන් යෝජනාව ප්‍රතික්ෂේප කළාට පස්සේ ඔහු ඒක බාරගෙන තමන්ගේ වගකීම ඉෂ්ඨ කරන්න නැවත අනුගතවීමත් එක්කයි. පස්සේ කාලෙක වෙන තැන් දෙකකදී ඒ සහෝදරයා සහ සහෝදරිය මරලා දාලා තිබුන බව ආරංචි වුනා.

අනුරට ඕනි නං ඔය කතාව ගැන අනුරලා ජවිපෙ නොහිටියා කිව්ව ප්‍රේම කුමාර ගුණරත්නම් ගෙන් අහගන්න පුළුවන්. මොකද ඒ කාලේ හිටියා කිව්ව අනුරලා හිටියේ පක්ෂය දාලා ගිහින් හැංගිලා. ජවිපෙ හිටපු අයට ඔය වගේ වීර චරිත ගැන රුසියානු සාහිත්‍යය ඇතුලේ ඕනි තරම් හම්බ වෙලා ඇති.

වානේ පන්නරය ලැබූ හැටි පොතේ සිද්ධ වෙන්නේ ඕකේ අනිත් පැත්ත.හෙට දවසේ දුෂණය කරලා මරන්න නියමිතව ඉන්න තරුණියක් තමන්ගේ පිරිසිදු බව සතුරා උදුරගනනවාට අකමැති නිසා එයා එක්ක එකට හිරභාරයේ ඉන්න පාවෙල්ට ඒ අවස්ථාව ගන්න කියලා යෝජනා කරනවා.පාවෙල් ඒක ප්‍රතික්ෂේප කරනවා.

ඇත්තටම ලෝකය වටේ ලියවුන විප්ලවවාදී සාහිත්‍යයේ හිටිය මිනිසුන් ජීවමානව ජවිපෙ ඇතුලේ හිටියා.88/89 අහම්බ සිද්දීන් නිසා ජීවිතය බේරුණ රටේ රාළලා මේ ජීවත් වෙන බෝනස් කාලයත් ගෙවුනේ සහ තව දවස් කීයක් හිටියත් ඉන්නේ ඒ අධ්‍යාත්මය ඇතුලේ.ඒක තමයි මේ රටට ඕනි අධ්‍යාත්මය.

අපි සටන් කරන්නේ අනුරලා,ටින්වින්ලා ඒ අධ්‍යාත්මය පාවාදීමට විරුද්ධවයි.එහෙම නැතිව රනිල්ටවත් තවත් දේශපාලනඥයෙකුටවත් කඩේ යන්න නෙවෙයි.ඒ චෝදනාව අපිට දාලා ප්‍රශ්නයෙන් පැනලා යන්න ජවිපෙ හිතනවා නම් ජවිපෙට ලොකු වැරදීමක් වෙලා.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions