Home » රත්තරන් රෝහිතගේ කෙලින්ලූ, P නෙවෙයිලු

රත්තරන් රෝහිතගේ කෙලින්ලූ, P නෙවෙයිලු

by Plus One

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා දිනක මේ රටේ ජනාධිපති වුවහොත් ඔහුටද සමාජ මාධ්‍ය වලින් නින්දා අපහාස වන බැවින් මාර්ගගත සුරක්ෂිතතා පනතට එකග වන ලෙස පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේ කියා සිටි.

හෙතෙම මේ බව පෙන්වා දුන්නේ ඊයේ ඔන්ලයින් පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වූ සංවාදය අතරතුරයි.

ඔහු තවදුරටත් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාටද විවිධ වූ වීඩියෝ පට ආශ්‍රයෙන් මේ වන විටත් සමාජ මාධ්‍ය තුල අපහාස කර ඇති බවත්, සජිත් ජනාධිපති වූවොත් ඔහුටද අපහාස කිරීම නැවැත්වීමට මෙම පනතෙන් හැකි වන බවයි.

මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරයෙක් සජිත් ජනාධිපති වීම පිලිගන්නවා ද යන්න රෝහිතගෙන් විහිලුවට මෙන් ඇසූ කල, එය කීමට තමන්ගේ කොන්ද කෙලින් බවත්, තමන් කෙලින් වැඩ කරන මිනිසෙකු බවත්, පී අයෙකු නොවන බවත් රෝහිත පාර්ලිමේන්තුවේදී කියා සිටි.

රෝහිත ලගදී පනීවිද?

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions