Home » සමාජ මාධ්‍ය නාමල්ට හිසරදයක් වෙලාලු

සමාජ මාධ්‍ය නාමල්ට හිසරදයක් වෙලාලු

by Plus One

තමන් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ප්‍රකාශ සම්බන්ධයෙන් පුද්ගලයන් වගකියන්නේ නම්, කිසිදු පුද්ගලයෙක් නව වාරණ නීති සම්බන්ධයෙන් බියවිය යුතු නැති බව මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි .

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය යම් ප්‍රමාණයකට නියාමනය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් හෙතෙම සඳහන් කරන ලදී .

“පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම කෙරෙහි අප අවධානය යොමුකළ යුතුයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් නීති ක්‍රියත්මක කිරීම අත්‍යාවශ්‍යයි,” යැයිද ඔහු ප්‍රකාශ කරන ලදී .

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions