Home » විමල් වීරවංශට හදිසියේම රට ආරක්ෂා කරන්න හිතිලා

විමල් වීරවංශට හදිසියේම රට ආරක්ෂා කරන්න හිතිලා

by Plus One

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන කාලසීමාවේදී ආණ්ඩුවෙන් ඉවත් වූ මහතා පසුගිය කාලයේ යම්තාක් නිහඬව සිටියේය.

නමුත් පසුගිය සතියේ සිට එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මැතිවරණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට විමල් ඇතුළු කණ්ඩායම කටයුතු කළේය. ඒ බව සඳහන් කළේ ඔහු විසින් පසුගිය සතියේ කැඳවූ මාධ්‍ය සාකච්ඡාවක තමන් හෝ තම කණ්ඩායමෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව කියමිනි.

ඉන්පසු පසුගිය ඉරු දින මහජන රැස්වීමක් සංවිධානය කර තිබූ අතර එහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියා සිටියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දියාව සමග සේවා හා වෙළෙඳ කටයුතු වෙනුවෙන් ETCA ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වන බවයි.

මෙම ගිවිසුම අත්සන් කළහොත් ඉන්දීය ජාතිකයන්ට ශ්‍රී ලංකාව තුළ නිදහසේ සේවා සැපයීමටත් වෙළඳ කටයුතු කිරීමටත් අවස්ථාව හිමිවන බව හෙතෙම කියා සිටි.

තවද ඉන්දියාව විසින් තම 29වන ප්‍රාන්තය ලෙස ශ්‍රී ලංකාව නොනිලමට්ටමෙන් පාලනය කිරීමට දිගු කාලයක් තිස්සේ ගත් උත්සාහය සාර්ථක කිරීම මේ වන විට වත්මන් ජනාධිපතිවරයා කටයුතු කරන බවත් වීරවංශ මහතා කියා සිටි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions