Home » පියයුරු එළියේ දමාගෙන නටන අලුත් පෙරහැරක් ජවිපෙ ආණ්ඩුවෙන් – ලාල් කාන්ත අන්තර්ජාල නාලිකාවක් සමග

පියයුරු එළියේ දමාගෙන නටන අලුත් පෙරහැරක් ජවිපෙ ආණ්ඩුවෙන් – ලාල් කාන්ත අන්තර්ජාල නාලිකාවක් සමග

by Plus One

නුවර පෙරහර කිසිසේත්ම වෙනස් නොවන්නේ නම් තමන් ඉතා කැමැති බව අන්තර්ජාල නාලිකාවක් සමග එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී.ලාල් කාන්ත සඳහන් කල බව කරෙක්ට්ලයින් වෙබ් අඩවිය සදහන් කරයි

නුවර පෙරහරට අයත් ඓතිහාසික සම්ප්‍රදායෙන්ම එය පැවතිය යුතු අතර විදේශිකයන් මෙන්ම දේශීය පුද්ගලයන්ද එය නැරඹීමට පැමිණෙන්නේ එවිට බවත්, නුවර පෙරහැර පරණ ආකෘතියෙන් පරණ ලෙසටම පැවතිය යුතු බවත්, එයට වර්තමාන නර්තනයක් එක් කළහොත් පෙරහැර අවසන් වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරන ලදී .

තමන් සිතන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවකදී නවීකරණය කරන ලද එවන් පෙරහරක් ගාල්ලේ සිට කොළඹට පැමිණිය හැකි බවත් , ලෝකයේම තියෙන විවිධ නර්තන අංග ඒ සඳහා එක් කල හැකි බවත් , බටහිර නර්තන අංග මෙන්ම අප්‍රිකානු ආරයේ පියයුරු එළියේ දමාගෙන යන නැටුම්ද එහි තිබිය හැකි බවත් ,එවන් ආකාරයේ පෙරහරක් මාසයක් පැවැත්වුවහොත් ලෝකයේම සංචාරකයන් මෙරටට ඇදී එනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි .

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions