Home » සමගි රණවිරු බලවේගය අද කළුතරින්, ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා නෑ

සමගි රණවිරු බලවේගය අද කළුතරින්, ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා නෑ

by Plus One

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි රණවිරු බලවේගයේ කලුතර දිස්ත්‍රික් සම්මේලනය අද සවස කලුතර පැනරාමා උත්සව ශාලාවේ දී ආරම්භ විය.

මේ සදහා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිළධාරීන් පිරිසක් එක්වී සිටියහ. කලුතර රැස්වීම සංවිධානය කොට තිබුණේ සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් නායක අජිත් පී පෙරේරා මහතා යි.

නමුත් මෙම රැස්වීමේදී සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතා පෙනෙන්නට සිටියේ නැත.

මෙම රණවිරු බලවේගය නිර්මාණය කොට ඇත්තේත් සරත් ෆොන්සේකා මහතා යටතේ නොව, එම පක්ෂයේ මහ ලේකම්වරයා යටතේ කියලයි ආරංචිය.

යුධ සෙන්පතියෙකු ලෙස මහජනයා අතරෙ ෆොන්සේකා මහතාට ඇති ජන ප්‍රසාදයට සජබ අපේක්ෂකතුමන්ට ප්‍රෙහෙලිකා නිර්මාණය කර ඇත්දැයි අපට ප්‍රෙහෙලිකාවක් ඇත.

 

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions