Home » නූතන ආලවක දමනය – අස්පට් ෂූටිං

නූතන ආලවක දමනය – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් සහෝලා…..දැක්ක ඊයේ අපේ ලප කුමාර සහෝදරයයි,මෝල් කාන්ත සහෝදරයයි මල්වතු අස්ගිරි පැත්තේ කරක් ගහනවා.

ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියපු එකට සමාව ගන්නවත් ගියාද?නැත්තං මිස්සක පව්වේදී පිරිත් නූල කඩලා විසි කරපු එකට සමාව අරන් අලුත් නූලක් දාගන්නවත් ගියාද?

එහෙමත් නැත්තං මචං රෝහණ ජනරංජන වගේ එකක් ලයින් කරගන්න පුළුවන්ද කියලා බලන්න ගියාවත්ද?මොකට ගියත් මචං ලපයට හෙම පන්සල හුරු නැති බව නං හොඳට පේනවා.

වෙන හොදයෝ නං පන්සල් යනකොට යන්නේ උඩටයි,යටටයි දෙකටම සුදු ඇඳලා.ලපයා උඩට සුදු,යටට කළු,මෝල් කාන්ත උඩට සුදුයි,යටට නිලුයි.ඒකත් ඩෙනිමක්.සමහරවිට ඊටත් යටට සුදු ඇන්ඳද දන්නේ නෑ.

කමක් නෑ බං ඔහොම හරි ඕකුන් පන්සල් යන එක නං හොඳයි.මචං පිරිත් නූලක් බැන්දද කියලා බලාගන්න බැරිවුනාද?හැබැයි මචං ලපයට දැන් ටික ටික ලයින් එක අහුවෙනවා වගේ.උඹලට මතකද ලපයා පොඩි ළමයි වඩාගෙන හුරතල් කරනකොටම අස්පට් ෂූටිං කිව්වා ලපයා ළඟදිම පන්සල් යනවා කියලා.

මචං වෙසක් වගේ පෝයකට ලපයා පෙහෙවත් සමාදන් වෙන්න උනත් බැරි නෑ.මචං ඔය හීනේ ඔළුවට ගැහුවම ඕනි දෙයක් කරන්න පුළුවන් ගටක් එනවා.

හරි එක වැඩක් නෑ මචං ලපයා පන්සල් ගිය එක ගැන උඹලට විග්‍රහයක් නැද්ද?ඉස්සෙල්ලා අස්පට් ෂූටිංගේ විග්‍රහ අහලා ඉන්නවලකෝ.

දැන් නං මචං අස්පට් ෂූටිංටත් හිතෙනවා කර්ම කියලා එකක් තියනවා කියලා.ෂුවර් එකට මචං දිට්ඨිධම්මවේදනීය කර්ම කියලා එකක් නං අනිවාර්යයෙන්ම තියනවා.මචං ලපයට ඊයේ පල දුන්නේ දිට්ඨි ධම්ම වේදනීය කර්මය.

ඇයි බං ලපයලා ඒ දවස්වල කිව්වේ ” ආගම යනු වද මලකි,එය මිනිසා නැමති වෘක්ෂයේ පිපේ.එහි පල රහිතය,අනිවාර්යයෙන්ම එය විනාශ කළ යුතුයි ” කියලා නේද?

යකෝ මෙන්න එහෙම කියපු ලපයා අට පිරිකරකුත් අරගෙන,පලතුරු වට්ටියකුත් හදාගෙන දණකිඩ ගහලා වඳිනවා.මචං මේක හරියට ආලවකයයි, නාලාගිරියයි එකට තියලා දමනය කලා වගේ වැඩක්.අස්පට් ෂූටිංට ලපයා පේන්නෙම ආලවකයා වගේමයි.කොට හින්දද මන්දා.

ආගම බොරු කියකියා හිටිය ලපයලා ස්වොත්සාහයෙන් ඇවිල්ලා ඔහොම දමනය වෙන තැනට කර්ම පල දුන්නා කියන්නේ ඒක  දිට්ඨධම්මවේදනීය නෙවෙයිද?මචංලා ඔන්න බලපං ඕක තව සැරයක් ලපයට පඩිසන් දෙනවා.

ඒ කියන්නේ මචං ලපයා පැරදුනාට පස්සේ ආයෙත් ගිහින් පරණ හෞතිකවාදී රස්සාව කරන්න බෑ.ඇයි බං මේ යකා විඥනවාදය ඉස්සරහා හෞතිකවාදය දණ ගැස්සලානේ.ආයෙත් නං කවුරුත් ලපයාගේ හෞතිකවාදී බණ අහන්නේ නෑ.

අස්පට් ෂූටිං.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions