Home » මේ ගිවිසුම බෑ, සජබ රජයක් යටතේ ජනතාවාදී ගිවිසුමකට එළඹෙමු – IMF නියෝජිතයින්ට සජිත් ප්‍රේමදාස තරයේම කියලා

මේ ගිවිසුම බෑ, සජබ රජයක් යටතේ ජනතාවාදී ගිවිසුමකට එළඹෙමු – IMF නියෝජිතයින්ට සජිත් ප්‍රේමදාස තරයේම කියලා

by Plus One

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ජනවාරි 18වන දින පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.

එහි දි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හට කියා සිටියේ වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යැයි පවසමින් ජනතාවට විශාල බදු බරක් ලබා දෙමින් වැට් බදු ඇතුළු බදු වර්ග රැසක් අධික ලෙස වැඩි කර ඇති බවයි.

මේ නිසා සාමාන්‍ය ජනතාව, ගර්භනී මාතාවන්, දරුවන්, මධ්‍යම පාන්තිකයන්, රාජ්‍ය සේවකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අයත් පුද්ගලයන් අසරණ වී ඇති බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත.

එබැවින් සමගි ජන බලවේග රජයක් යටතේ, වත්මන් රජය IMF එක සමග ඇති කර ගත් ඒකපාර්ශ්වීය ගිවිසුම සංශෝධනය කර පොදුජනතාවට වැදගත්, ජනතාවාදී ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් පෙන්වා දී ඇත.

මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙන්ම විපක්ෂ නායකවරයාගේ ලේකම් තිසත් විජේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions