Home » ගණිකා වෘත්තිය නීතගත කරදෙනු ලැබේ – රටේ රාළ

ගණිකා වෘත්තිය නීතගත කරදෙනු ලැබේ – රටේ රාළ

by Plus One

ජවිපෙ සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සහ මාලිමාවේ විධායක කමිටු සාමාජිකා සමන්මලී ගුණසිංහ යු ටියුබ් නාලිකාවක් එක්ක කරපු සාකච්ඡාවක් ගැන ලොකු සංවාදයක් නිර්මාණය වෙලා තියනවා.එතනදී සමන්මලී ඇඟට පතට නොගෙන කියන්නේ මාලිමාවේ ආණ්ඩුවක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියලයි. ඒ කියන්නේ අර ගැහැනු අපි එක මිටට මාලිමාවට එන කට්ටියගේ රැකියා ප්‍රශ්නය විසදන්න මාලිමාව දැනටමත් වැඩපිලිවෙලක් හදලා.

තමන්,තමන්ගේ සහෝදරිය,දුව ගණිකාවක් බවට පත්කරන්න ගැහැනු අපි එක මිටට මාලිමාවට කියලා කාඩ් එකකුත් දැන් වැදිලා.ගොඩක් දේවල් සම්බන්ධව ජවිපෙට තිබුණ විග්‍රහයන් පැත්තකට විසිකරලා අද ජවිපෙ සම්පුර්ණයෙන්ම හරිනීකරණයට වෙලා.ගණිකා වෘත්තිය නිතිගත කරන්න ඕනි කියන කතාව ජවිපෙට ගෙනාවේ හරිනී.හරිනි ඒක කිව්වේ පාර්ලිමේන්තුවේදී.ඒක හැන්සාඩ් ගතවෙච්චි කතාවක්.

ඒ කතාව සම්බන්ධව බරපතල ආන්දෝලනයක් මතු වෙද්දී ජවිපෙ නායකයින් එදා කිව්වේ ජවිපෙ මතය සහ මාලිමාවේ මතය කියන්නේ එකක් නෙවෙයි කියලයි.හැබැයි දැන් ජවිපෙ නායකයින්ට කට උත්තර නැතිවෙන උත්තරයක් ජවිපෙ කාන්තා සංගමයේ ජාතික සංවිධායිකාව සහ ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභික බිමල් රත්නායකගේ ආදරණිය බිරිඳ දීලා තියනවා.

හරිනි දැන් සමහර පැතිවලින් ජවිපෙ රනිල්ටත් වඩා ලිබරල් කරලා.ජවිපෙ ඇතුලේ සිද්ධවෙලා තියන පරිවර්තනය මොකක්ද කියන එක සමන්මලීගේ කථාවෙන් හොඳමට පේනවා.ජවිපෙ ඒ සම්බන්ධව හිටපු ස්ථාවරය මොකද්ද කියන එක අපි ඉස්සෙල්ලා නිරවුල් කරගන්න ඕනි.ඇත්තටම ආර්ථික අසමානතාවය,ජීවත්වීමේ අමාරුව හින්දා එහෙම රස්සාවක් නිර්මාණය වෙලා තියන බව ඇත්ත.

සමාජ පරිණාමන ක්‍රියාවලිය ඇතුලේ ගණිකා වෘත්තියට තියෙන්නේ එහෙම ඉතිහාසයක්.හැබැයි මානව පරිණාමන ඉතිහාසයත් එක්ක මේ වගේ වෘත්තියක් ප්‍රවර්ධන කිරීම සමාජ සාධාරණත්වය පැත්තෙන්ම ගත්තත්,මානව පරිණාමය ඇතුලේ අපි එකතු කරගන්න ඕනි දෙයක් විදිහට පිලිගන්න බෑ.මානව සමාජයේ ආරම්භයත් එක්ක මිනිසා හිටපු පළවෙනි සමාජ ක්‍රමය උන ප්‍රාථමික සාමූහික සමාජය ඇතුලේ තිබුණේ සාමුහික ලිංගික ක්‍රියාවලියක්.

හැබැයි සමාජ සංවර්ධනයත් එක්ක ඒක යුගලන විවාහයක් බවට පත්වෙලා දැන් සමාජයේ මුලික ඒකකය බවට පවුල පත්වෙලා තියනවා.ආර්ථික සමානාත්මතාවය සහිත දියුණු සමාජයක් ඇතුලේ ඒක භාර්යා සේවනය තවදුරටත් වලංගුද කියන සාකච්ඡාවකුත් තියනවා.ඒ ගැන ගොඩක් දුරට කතා කළේ පෙඩ්රික් එංගල්ස්.ලෙනින් ඒ ගැන කතා කලත් ඒ සම්බන්ධව අවසන් නිගමන දීලා නෑ.

ආදරය,ලිංගිකත්වය සම්බන්ධව ඒ සමාජය සුදුසු ක්‍රම නිර්මාණය කරගනී.හැබැයි මානව පරිණාමයත් එක්ක යුගලන ව්වාහය සමාජ ක්‍රම ගණනාවක් තුල විකාශනය වෙමින් ආපු දියුණුම තත්වයක්.පවුල ඇතුලේ විශ්වාසය,ආදරය, ආරක්ෂාව,වගකීම වගේ කාරණා ගොඩක් ඒකට ගැටගහලා තියනවා.එහෙම නැතිව ලිංගික ක්‍රියාවලිය ඇතුලේ විතරයි මිනිස්සු,ගැහැණු එකට ඉන්නේ නෑ.

වයසට ගිය අය එකට ඉන්නේ ඔය ප්‍රශ්නය එක්ක නෙවෙයි.මිනිසා විසින් ප්‍රවර්ධන කරගත්ත මානව ගුණධර්ම කියලා කොටසක් තියනවා.ඒවා ලාංකීය සමාජයටත් වලංගුයි.ජීවිත කාලය පුරාම එකට ඇවිත් ඔත්පලවෙලා ඉන්න කොටත් එකිනෙකට ආදරය කරගන්න පවුල් සබදතා මේ සමාජයේ අනන්තවත් තියනවා.ඒ වගේ ප්‍රශස්ථ පවුල් සම්බන්ධයක් එක්ක හැදෙන දරුවෝ සහ අර වගේ සංකර සමාජ කුලකයකින් හැදෙන දරුවෝ ලේකය දකින විදිහ අතර අහසට පොළොව වගේ වෙනසක් තියනවා.

ප්‍රශස්ථ පවුල් ඒකක සුභවාදීව ලොකය දකිද්දී අනිත් කුලකයේ අය සර්ව අශුභවාදීව ලෝකය දකිනවා.ඇත්තටම මේකේ මුලික ප්‍රශ්නය ආර්ථික අසමානකම,නැතිකමයි.හැබැයි එහෙම සමාජයක තත්වය කතා කරලා ගණිකා වෘත්තිය කියන්නේ නීතිමය රැකවරණය දෙන්න ඕනි දෙයක් නෙවෙයි. ඒකේ චූදිතයා මේ වැරදි ආර්ථික ක්‍රමය.ඒ වැරදි ආර්ථික ක්‍රමය හින්දා එතෙන්ට ගිය එකට නීතිමය රැකවරණයක් දෙන ඔය ක්‍රමය දිගටම කරගෙන ගියොත් මොකද වෙන්නේ.

මේ රටම ගණිකා මඩමක් වෙලා තමයි නතර වෙන්නේ.සමන්මලිත් මීට සමාන විග්‍රහයක් කරලා එයාට අවශ්‍යය තැනට මතය හදනවා.ඒ කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කරන තැනට.ඒකයි අපි කියන්නේ ජවිපෙ මේ කරන්නේ පාදඩ දේශපාලනයක් කියලා.තමන්ට බලය ගන්න ඕනිම කුපාඩි වැඩක් කරන්න දැන් ජවිපෙ ලෑස්තියි.සමාජ අසමානතාවය හින්දා නිර්මාණය වෙලා තියන තත්වයන් නීතිගත කිරීම සම්පුර්ණයෙන්ම වැරදියි.

කරන්න ඕනි ඒ සමාජ විෂමතාවයන් අවම කරන වැඩපිලිවෙල තෝරන එකයි.හැබැයි ජවිපෙ කරන්නේ මේ පීලිපැනීම සාධාරණීකරණය කරන එක.ජවිපෙ ඇතුලේ තියන මේ මතවාදී කඩා වැටීම ගැන ලොකු සංවාදයක් ජවිපෙ ඇතුලේ දැන් තියනවා.ජවිපෙ සහෝදර,සහෝදරියන් ගොඩ දෙනෙක් සමන්මලීගේ කතාව ගැන රටේ රාළගේ පැහැදිලි කිරීම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

රටේ රාළට ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ මේක හරිනිගේ මඟ පෙන්වීම යටතේ සිද්ධ උන පීලිපැනීමක් කියලයි.හරිනි තමයි පක්ෂයට අලුත් මත කියලා මේවා පොම්ප කරන්නේ.තනිකර මේක සමාන වෙන්නේ වහල් හිමි සමාජයේ වහල්ලු ලියාපදිංචි කරපු ක්‍රියාවලියට.වහල් හිම් සමාජයේ පාලක පන්තිය වහල්ලු ලියාපදිංචි කරලා තියාගන්නවා.ඒ වගේම තමයි මාලිමා පාලක පන්තිය ලිංගික වහලුන් මෙරටට හදුන්වලා දීලා එයාලට ලියාපදිංචියකුත් දෙන්නයි හදන්නේ.

ජවිපෙ මෙතෙන්ට වැටීමෙන් ජවිපෙ චින්තනයේ තියන වැඩවසම්කම හොඳටම පැහැදිලි.ජවිපෙ මේ කරන දේශපාලන භූමිකාව සමාන වෙන්නේ රාජපක්ෂලාගේ දේශපාලන භූමිකාවට.ඇත්තටම රාජපක්ෂලාට සහ ජවිපෙ අතර තියන වෙනස මොකද්ද?රටේ රාළට නං කියන්න තියෙන්නේ රාජපක්ෂ චින්තනය සමානයි මාලිමා චින්තනය කියලයි.ඒ කියන්නේ රාජපක්ෂලාට වගේම අනුරලාටත් දැන් කිසිම ප්‍රශ්නයක් මානුෂියව දකින්න බෑ.

එයාලගේ ශබිද කෝෂයේ මානව බැදීම් කියලා දෙයක් නෑ.ගණිකා වෘත්තිය රස්සාවක් හැටියට පිලිගන්න යන්නේ ඒක හින්දයි.රස්සාවට ඔය වැඩේ කැමැත්තෙන් කරන කීදෙනෙක් ඉන්නවද?ගොඩක් දෙනෙක් බලෙන් ඇදලා දාපු අය.එයාලා එතෙන්ට බලෙන් තල්ලු කරපු සමාජයක් මේ තියෙන්නේ. එතනදී ඒ සාමාජ තත්වය අහෝසි කරන එක තමයි උත්තරේ.හැබැයි මෙයාලා මෙතැනදී මහා විප්ලවීය පියවරක් විදිහට ගණිකා වෘත්තිය නීතිගත කරන්න හදනවා.

ඒ සමාජ තත්වයන් අහෝසි නොවුන යථාර්ථයක් ඇතුලේ මෙයාලා මහා පිම්මක් පැනලා.හැබැයි රටට ඕනි සමාජ,ආර්ථික,දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න යනකොට එක නවත්තන්න කරන්න ඕනි හැම තක්කඩි වැඩේම කරනවා.ඒවා කරන්න සමාජවාදයෙන් මෙහා කරන්න බෑ කියලා කියනවා. මාර දෙබඩි ප්‍රතිපත්ති තමයි දැන් ජවිපෙ තියෙන්නේ.සම්පුර්ණ අඟ මුල පටලගත්ත දේශපාලනයක ජවිපෙ පැටලිලා.දැන් එහෙනම් ජවිපෙ නායකයන් කියන්න ඕනි ගණිකා වෘත්තිය නීතිගත කරලහම එයාලගේ දූලත් මේ රස්සාවට යවන්න එකඟයි කියලා.

ජවිපෙ අද කරන්නේ අපේ විශ්වවිද්‍යාල වල ඉන්න දරුවෝ පාරට බස්සලා එයාලට ගණිකා වෘත්තිය තෝරගන්න අවශ්‍ය වටපිටාව හදන එක නෙවෙයිද?හැබැයි එයාලගේ කිසිම දරුවෙක් ඒ ක්‍රියාවලිය ඇතුලේ නෑ.එයාලා ඉගෙන ගන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල.එක්කෝ පිටරට.ඒ හැම කෙනාම රැකියා කරනවා.කලට විවාහ වෙනවා.ඒ ලමයින්ට ගණිකා වෘත්තිය තෝරා ගැනීමට තියන අසමානතාව එයාලා දැන්මම අහෝසි කරගෙන.

ඒකයි රටේ රාළ අහන්නේ රාජපක්ෂලාගේ ප්‍රතිපත්තියයි ජවිපෙ ප්‍රතිපත්තියයි කොතනින්ද වෙනස් වෙන්නේ කියලා.රාජපකාෂලා දකින්නේ ඕනිම හොඳ දෙයක් තමන්ගේ පවුලට කියලනේ. ජවිපෙ ඇතුලේ තියංන්නෙත් එහෙම එකක් තමයි.මෙතන තියෙන්නේ සියලු වරප්‍රසාද එක්තරා කල්ලියක පවුල්වලට.මේක මාක්ස්වාදයවත්, සමාජවාදයත් නෙවෙයි.මේක අත්තනෝමතික පිස්සුවක්.තමන්ට බලය ගැනීම වෙනුවෙන් ඕනිම පාදඩ වැඩක් කරන්න කැමති නිවට දේශපාලනක් තමයි දැන් ජවිපෙ තියෙන්නේ.

රටේ රාළ ඉතා වගකීමෙන් කියනවා මාලිමාවට මේ රට බේරගන්න බෑ.කරන්න තියෙන්නේ මාලිමාවෙන් මේ රට බේරගන්න එකයි.තවදුරටත් ජවිපෙ භක්තිමත් සාමාජිකයෙක් විදිහට ඉන්න අයට ගන්න කියලා දෙයක් ජවිපෙ ඉතිරි වෙලා නෑ. මාලිමාවේ සහ ජවිපෙ දේශපාලනය එකට තියා පරාජය කරන්න ඕනි.මේ රටේ ජනතාව ඒ වෙනුවෙන් පෙරට එන්න ඕනි.

රාජපක්ෂලා තරමටම වැඩවසම්,ඒ තරමටම දුෂ්ඨ සහ කුහක ජවිපෙ දේශපාලනය පරාජය කරීම අනිවාර්යයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions