Home » පණිවිඩයක් රැගෙන කථානායකවරයා හමුවීමට හිටි හැටියේම ආ චීන තානාපති

පණිවිඩයක් රැගෙන කථානායකවරයා හමුවීමට හිටි හැටියේම ආ චීන තානාපති

by Plus One

ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොං මහතා අද (19) පාර්ලිමේන්තුවේදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. මෙම හමුවට පාර්ලිමේන්තු වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා ද එක්ව සිටියේය.

මෙහිදී චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ගරු ෂාඕ ලෙජි (Zhao Leji) මහතාගේ නව වසරේ සුබ පැතුම් පණිවිඩය චීන තානාපතිවරයා විසින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිගන්වන ලදි.

එසේම සාකච්ඡාවේදී ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාදෙන සහයෝගය අගය කරන බව චීන තානාපතිවරයා ප්‍රකාශ කළේය. තවද රජයක් ලෙස ශ්‍රී ලංකාව සෑම විටම ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය පිළිගන්නා බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය.

මෙයට අමතරව, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන චීන ආයෝජන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions