Home » මාලී මා ගණිකා වෘත්තිය – අස්පට් ෂූටිං

මාලී මා ගණිකා වෘත්තිය – අස්පට් ෂූටිං

by Plus One

මචංලා ආයුබෝවන්….,,,මාර අසාධාරණයක් නේද සහෝ….අපේ රටේ සමස්ථ කාන්තා පරපුරටම සිද්ධ වෙන්න යන්නේ.ඇයි මචං මෙහෙම අභාවාචක අද්දැකීමකට ඇය ලක්වුනේ.

ඇඩෙනවා මචං…..

මේ යක්කුන්ට අම්මාලා,සහෝදරියෝ,දූලා නැද්ද බං.මදෑ කාන්තාවෝ එක මිටට ඇවිත් ලප කුමාර සහෝදරයා දිනවන්න හැදුවා.ත්‍රීවිල්වල පොල් පටවනවා වගේ නැගලා ගිහින් පෝස්ටර් ගැහුවා. ළමයි වඩාගෙන ගිහින්ද පෝස්ටර් ගැහුවා.

දැන් අන්න ලපයාගේ කාන්තා සංගමේ ලොක්කී බිම්මලී කියනවා ලපයගේ ආණ්ඩුවක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියලා. දැන් එහෙනං එක මිටට – අපි ලපයට සටන් පාඨය වෙනස් කරලා ”  එක මිටට – අපි ගණිකා වෘත්තියට ” කියලා දාගමු.

දැන් තේරෙනවානේ මචං ඕකුන්ට ආගමක්,දහමක් සංස්කෘතියක් නෑ කියලා.මචං ලෝකයේ මිනිස්සු අතර බැදිම් තියෙන්නේ ඔය වැඩේට විතරක් නෙවෙයි.මැරෙනකොටත් වයසට ගිහින් ඒ බැදීම් ආරක්ෂා කරගෙන ඉන්න වැඩිහිටියෝ කොච්චර ඉන්නවද?

මචං මේ රටේ ආර්ථිකය හදන්නේ නැතිව ගණිකා වෘත්තිය නීතිගත කරලා වැඩක් නෑ.බිම්මලී කියන්නේ ආර්ථික අමාරුව නිසා කාන්තාවෝ ගණිකා වෘත්තිය තෝර ගන්නවා,ලපයගේ ආණ්ඩුවක් යටතේ ආර්ථිකය හදලා ගණිකා වෘත්තිය යන්න තියන ඉඩ අහුරනවා කියලා.

එතකං මේ ක්‍රමය යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියන්නේ ඒකට පලයං කියලනේ.එහෙනං මචං මේ ආර්ථික ප්‍රශ්නය හින්දනේ හොරකම් කරන්නේ.ෂුවර් එකටම ඕකුන් ආව ගමන් ආර්ථිකය හදනකං හොරකමත් නීතිගත කරයි.

මචං උඹලට මතකද මුලදී ආචාර්ය හරී ඔය කතාව කියාගෙන ආවා.එතකොට මචං සුදුහදුන් සහෝදරයා කිව්වේ එහෙම එකක් නෑ කියලනේ. දැන් ඔන්න මචං කාන්තා ලොක්කිම වැඩේ කියලා දාලා.ඇයි බං ලපයලා එකපාරට එතෙන්ට මාරුවුනේ?

හරි සහෝ අස්පට් ෂුටිං කියන්නද ඔතන තියන ඇත්තම කතාව.ඔය කට්ටියගෙ කාන්තා මූලස්ථානය දිගටම භාරව තිබුණේ ටිංටිං සහෝදරයනේ.ටිංටිං මැරවත් කාන්තා සංගමය නං කාටවත් දුන්නේ නෑ.

පස්සේ මචං ටිංටිංට විරුද්ධ ලිංගිකයා කෙරෙහි ඇතිවුන දයානුකම්පාව දෝර ගලන්න පටන් ගත්තා.ඒ දොර ගැලීමේ ප්‍රතිපලයක් විදිහට ටිංටිංට කාන්තා සංගමය අතාරින්න සිද්ධවුනා.ටිංටිං වැඩේ බාර දුන්නේ ලපයට.දෙන්නට දෙන්නා පිට කගෙන කේෂ් යට ගහගත්තා.

ඒ අතර තමයි ” එක මිටට – අපි ලපයට ” කන්සෙප්ට් එක ආවේ.මචං ඒක ටිකක් නැගලා යනකොට ටිංටිං සහෝදරයාට ආයෙත් ගාය හැදුනා.ටිංටිංට අනුව ඕවා සංස්කෘතික හරි වෙන මොනවා හරි ප්‍රශ්න නෙවෙයි හෝමෝන ක්‍රියාකාරීත්වයේ ප්‍රතිථල.

ටිංටිංටත් ” එක මිටට – අපි ලපයට ” රැස්වීම් වටයට යන්න හිතෙන්නේ ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය හින්දා වෙන්න ඇති.දැන් මචං ටිංටිං කාන්තාවන්ට වේදිකා උඩ සාහිත්‍ය දේශන දෙනවා.කොටන කුකුළට මචං කොයි කොටුවත් එකයිනේ. සාහිත්‍යයෙන් හරි වැඩේ හදා ගන්නවා

ඒකට ගැලපෙන විදිහට මාක්ස්වාදයත් වෙනස් කරලා.දැන් ඔන්න මචං ගණිකා වෘත්තිය නීතිගත කිරීම ලපයා බාර අරගෙන.එතෙන්ට වැඩේ තල්ලු කරගත්තට පස්සේ ඉතුරු ටික කරගන්න ටිංටිං සහෝදරයලා දන්නවා.

අස්පට් ෂූටිං.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions