Home » මර්වී කියන්නේ ඇත්ත? අස්පට් ෂූටිං

මර්වී කියන්නේ ඇත්ත? අස්පට් ෂූටිං

by Plus One

ආයුබොවන් මචංලා……උඹලටත් ඇහුණද මර්වි කියන කතාව.ඇඟ කලිපොලා යනවා නේද?ඩීපී List එකෙන් එන්න බීආර්ට One billion දුන්නලු.මේ පාර Candidate කරන්න නං බීආර් ten billion ඉල්ලනවලු.

මචං අපේ රටේ නීතියට අනුව පගාව ගැනීම සහ පගාව දීම දෙකම වරදක්.

මර්වී ඔය කතාව කියන්නේ මල් වත්තේ ඉඳන් හින්දා බොරුවක් කියලා හිතන්නත් බෑ.හැබැයි මචං kingback සෙට් එක ආයෙත් බලයට ආවොත් නං මර්වීට නතර වෙන්න වෙන්නේ බ්‍රසීලයේ ලූලාද සිල්වා ළඟ තමයි.

මචං ඇත්තටම ඔය කතාව විස්වාස කරන්න පුළුවන්ද කියපං?ඔය කතාවට පදනමක් තියනවා කියලා උඹලා හිතනවද?

ඉන්නකෝ…පොඩ්ඩක් මීටරේට දාලා බලන්න.

අප්පට සිරි…..මචං එහෙම ගේමක් ගහන්න චාන්ස් එකක් තියනවා.බීආරයාගේ education පැත්ත nill උනාට ඔය වගේ වැඩට නං මෑන් ඔක්ස්ෆර්ට්. හොරකම,වංචාව එක්ක නං බීආර් එක්ක හැරෙන්න එකෙක් මේහේ නෙවෙයි බං usaවලත් නෑ.

මොකක් වෙයිද මචං ඔය කේෂ් එක.උඹලා හිතන්නේ බිලියන දහය අරන් ඩීපීව නොදා ඉන්න කියලා හාමු කියයි කියලනේ.ඒකට බීආර් හාමුගෙනුත් බිලියන පහක්වත් ගනී කියලනේ.

වැරදී…….මචං…….වැරදී…..උඹලා සම්පූර්ණයෙන්ම වැරදියි.හාමු අනිවාර්යයෙන්ම ඩීපීගෙන් බිලියන දහය ගන්න කියලා කියයි.ඒක ෂුවර්.

අරගෙන ඩීපීයව දාන්න කියලා හාමු කියයි.ඩීපී දානවට බීආර්ට ගානකුත් දෙයි.මචං හාමුගේ තියෙන්නේ ස්මාට් planනේ.අස්පට් ෂූටිං දන්නවා උඹලට තවම  අංඤොකොරොස් කියලා.

මෙහෙමනේ සහෝ…දැන් බිලියන දහය අරන් ඩීපී නොදා බීආරයා රට පැන්නා කියහංකෝ.ආය බීආර්ට කවදාවත් මේ පොලොවේ පස් පාගන්න බෑ හරිද?ඩීපියා නයා වගේ වෙනවා.අනික මචං ඩීපී දාපු ගමන් හාමු පරදිනවා.හාමු පැරදුනොත් බීආර්ට මෙහේ එන්න බෑ.මෙහේ කෂ්ටියට තමයි එහේ යන්න වෙන්නේ.ඒත් ජනතාව ඉඩ දුන්නොත්.

එතකොට උඹලට හිතෙයි ඩීපී නොදැමීමෙන් හාමු කොහොමද පරදින්නේ කියලා.ඩීපි දැම්මේ නැත්තං මල් පොහොට්ටුවේ ඡන්ද ඔක්කොම හාමුට එනවනේ කියලා.නෑ…..බං ඩීපී දැම්මොත් තමයි හාමුට ඡන්ද ටික එන්නේ.

එතකොට මචං මල් පොහොට්ටුව දෙකට කැඩෙනවා.90% ක් හාමුට යනවා.හාමුටත් ඕනි ඩීපී දාගන්න.එතකොට ඩීපී කියන්නේ kingbackලගේ අපේක්ෂකයානේ.ඩීපීට වැඩ නොකලත් අඩුම ගානේ නිහඩ වෙන්න හරි kingbackලට සිද්ධ වෙනවා.මචං kingbackලා එක්ක ගියොත් පරදින බව හාමුත් දන්නවා.

ඩීපි දැම්ම ගමන් මල් පොහොට්ටුවේ kingbackලට විරුද්ධ සෙට් එක හාමු ලගට එනවා.එදාට රට දැනගන්නවා හාමුයි,kingbackලයි කියන්නේ එකක් නෙවෙයි දෙකක් කියලා.මචං හාමුට ඕනි ඔය චිත්‍රය හදන්න.

ඊළඟට ඩීපී දාපු ගමන් ලපයා ඉවරයි.ලපයා ඩීපීට මොකුත් කියන්නේ නෑ.ඇයි බං දුන්න සල්ලි ගැන කිව්වොත් ලපයා ඉවරයි.ලපයා ඩීපීට ගහන්නේ නැති එකෙකන් ලපයා සහ ඩීපී අතර ඩීල් එක ගැන ජනතාවට සැක හිතෙනවා. හාමු ඩීපීගේ ෆයිල් එක ලීක් කරනවා.ලපේ සහ ඩීපී දෙකම ඉවරයි.

හාමුට විරුද්ධව ඩීපී දාපු ගමන් මෙච්චර දවසක් හාමුට වැඩ කරන්න දුන්නේ නැත්තේ kingbackලා කියාගෙන සෙට් එකක් බහිනවා.kingback විරෝධයේ සෙන්පති එක හාමුට එනවා.මචං හාමුට ඕනි votes,බීආර්යට ඕනි සල්ලි, දැන් දෙකම settle.

ටික දවසකින් සියල්ල කෙලවගත්ත ඩීපී කුණු කන්ටේනර් දෙක තූනක් හරි ගේන්න අවසර ගන්න හාමු හම්බ වෙන්න එනවා.

අස්පට් ෂුටිං.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions