Home » වමට තවත් කියා කුමට.

වමට තවත් කියා කුමට.

by Plus One

ගිය 12 වෙනිදා කොළඹ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී වමේ පක්ෂවල නායකයන්ගේ හමුවක් තිබූණා.ඒ හමුවේ අරමුණවෙලා තිබුණේ වමේ පක්ෂවල එකඟතාවයෙන් සන්ධානයක් ගොඩනගා ගන්න.ශ්‍රිලනිපය,ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය,එජනිස,ලංකා සමසමාජ පක්ෂය,ශ්‍රී ලංකා මහජන පක්ෂය ඇතුළු පක්ෂවල නියෝජිතයෝ ඊට සහභාගීවෙලා හිටියා.

මෛත්‍රී,ඩිව්,තිස්ස විතාරණ,දුෂ්මන්ත මිත්‍රපාල, අසංක නවරත්න,වීරසුමන වීරසුමන,තිලංග  ඇතුළු කණ්ඩායමක් එතන හිටියා.මේ කණ්ඩායම ගෝඨාභය දිනවන කැම්පේන් එකේ හිටලා පොහොට්ටුව සීසීකට යනවත් එක්ක විසිරිලා ගිය කණ්ඩායමක්.ඒ ඒ මොහොතට අදාලව එක එක තැන්වල ස්ථානගතවෙලා හිටපු කණ්‌ඩායමක්. තවමත් වෙන වෙනස් තැන් නියෝජනය කරන කණ්ඩායමක්.මෙතන සමහරු විමල්ගේ උත්තර ලංකා සභාගයේ ඉන්නවා.

මේ පක්ෂ ඉතිහාසය පුරාම වමේ අනන්‍යතාව නියෝජනය කරපු අය.මෙයාලගේ සිද්ධවෙලා තියන එකම වෙනස තමයි එන්න එන්න වියපත් වීම,පුද්ගලයෝ විදිහට වගේම පක්ෂ විදිහටත් වියපත් වෙලා.ජනාධිපතිවරණ උණුසුම දැනෙමින් තියන මේ වෙලාවේ තමන්ගේ ලොකු පුංචිකම් පැත්තකින් තියලා එකතු වෙන්න එයාලට බලකෙරෙමින් පවතිනවා.

එකක් එයාලත් ඔයාලා අපි වගේම දේශපාලන සත්වයෝ හින්දා දේශපාලනය රත් වෙනකොට එයාලවත් රත් වෙනවා.ඒ වගේම මෙතනින් එහාට එයාලගේ පැවැත්ම වෙනුවෙන් එක්ව මුහුණදීම හැර වෙන විකල්පයක් එයාලට නෑ.මෙහෙම හිතන්නකෝ මහා ගංවතුරක් ඇවිත් සියල්ල ගසාගෙන යනකොට ඉතිරි වෙන්නේ මහ ගස්,ගල් වගේ ඒවා.මහ ගස්වලත් මූල පද්ධතිය ශක්තිමත් ඒවා ඉතිරි වෙලා අනෙක්වා කඩා වැටෙනවා.

මෙච්චර කල් ගහ දරාගෙන හිටියට අමතරව ගංවතුරෙන් දෙන පීඩනයත් දරා ගන්න පුළුවන් වෙන්න ඕනි.ඊට අමතරව ගංවතුරට ගසාගෙන එන සත්තු සරපයි,කුඹි ඔය ගහට තමයි ගොඩවෙලා රැකවරණය හදා ගන්නේ.ඇත්තටම එයාලට ජීවිතය බේරගන්න මේ ගහ හරිම වැදගත්.දැන් මෙතන මේ එකතු වෙලා ඉන්නේ මහින්ද සුළඟට ගසාගෙන ගිහිල්ලා,ගෝල්ෆේස් ගංවතුරටත් ගසාගෙන ගිය සෙට් එකක්.

දැන් මෙයාලට තියෙන ප්‍රශ්නය ළඟ එන ජනාධිපතිවරණ ගංවතුරෙන් ආරක්ෂා වෙලා ඉන්න පුළුවන් සයිස් ගහක් මෙතන නැති එකයි.තිබුණ ශ්‍රිලනිපය නැමති මහ ගහේ අතු කපාගෙන,මුල් කපාගෙන රාජපක්ෂලා අරන් ගිහින්.තව තව අය ශ්‍රිලනිපයේ කොල කැල්ලක් හරි කඩාගෙන ගියා මිසක් ගහට පෝර ටිකක්වත් දැම්මේ නං නෑ.ඒක නිසා හෙට දවසේ එන මහා ජල ගැල්මට මුහුණ දෙන්න ශ්‍රිලනිපය කියන ගහටත් හයියක් නෑ.

දැන් මේකට තියන උත්තරය මොකද්ද?ඇත්තටම තියන්නේ එකම උත්තරයි.එන්න නියමිත මහ ගං වතුරට ඔරොත්තු දෙන ගහක් ඉක්මනින් හදා ගන්න ඕනි.ඉතා කෙටි කාලයක් ඇතුලත ඒ වගේ ගහක් හදාගන්න ඕනි.ඊළඟට එන ප්‍රශ්නය මේ කෙට් කාලය ඇතුලේ කොහොමද ඒක කරන්නේ කියන එකයි.හැබැයි දැන් එක දෙයක් තියනවා දැන් ශ්‍රිලනිපය,අනුර යාපලා – ලන්සලා කණ්ඩායම තවත් කණ්ඩායම් එකතු වෙලා පැලයක් හිටවලා තියනවා.

ඒ තමයි නව සන්ධානයක් කියන පැලය.දැන් කරන්න තියෙන්නේ ඒ පැලේ කොහොමද අවශ්‍ය ප්‍රමාණයට අවශය  කාලයට ලොකු කරගෙන ශක්තිමත් කරගන්නේ කියන එකයි.ඕනිම ගහක් වටේට කුණු රොඩු එකතු වෙනවා ඒවා දිරාපත් වෙලා ගහට පෝර වෙනවා.හැබැයි ඒක දිර්ඝ කාලින ක්‍රියාවලියක්.කුණු එකතු වෙලා ඒවා දිරාපත් වෙලා ගහට උරාගෙන,ගහ වැඩෙනකං බලා ඉන්න කාලය මදියි.

එහෙනම් කරන්න ඕනි ගහ ලොකු කරගෙන ශක්තිමත් කරගන්න වහාම විද්‍යාත්මක ප්‍රවේශයකට යන එකයි.අවශ්‍ය වෙන්නේ ඕනිම ගංවතුරකට,චණ්ඩමාරුතය මුහුණ දෙන්න පුළුවන් ගහක් බවට මේ පැලය පත්කර ගන්නයි.ඒකට ගහේ මූල පද්ධතිය ශක්තිමත් වෙන්න ඕනි.ගහ තියන පසේ තත්වයට පරීක්ෂා කරන්න ඕනි.පස බුරුල් නං ඒකට වැඩපිලිවෙලක් හදන්න ඕනි.ගහේ කද ශක්තිමත් කරගන්න ඕනි.

අතු ඉති කොළ හොඳට තියෙන්න ඕනි.ඒ හරහා තමයි ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වෙන්නේ.ගහේ උඩ සහ යට ඉන්න අයට ආරක්ෂාව සහ සෙවන හැදෙන්නේ.මේ සියල්ල කරන්න නං මේ වෙලාවේම ගහේ තියන අඩුපාඩුකම් හදුනා ගන්න ඕනි.ඊට පස්සේ ඒවට අවශ්‍ය මූලද්‍රව්‍ය ගහට ලබා දෙන්න ඕනි.මූල පද්ධතිය ශක්තිමත් වෙන්න මොනවාද ඕනි,කඳ ශක්තිමත් වෙන්න මොනවද ඕනි.

කොළ සහ පළදාව වෙනුවෙන් මොනවද දාන්න ඕනි.අවශ්‍ය තරම් වතුර ගහට සපයන්න ඕනි.ගහට ඔය ට්‍රිට්මන්ට් එක දෙන්න පුළුවන් නං කලට වෙලාවට අවශ්‍ය වට අඩි ගාන සහිත ලස්සන ගහක් හදා ගන්න පුළුවන්.එහෙම එකක් හැදුනොත් ගංවතුරට ගහගෙන යන සත්තු ටික ඔය ගහට නගිනවා තමයි.දැන් යන්න තැනක් නැතිවයි කට්ටිය ඉන්නේ.ඇත්තටම මේ දේශපාලනයේ හැටිත් එහෙම තමයි.

දැන් තමයි එදා රටේ රාළලා කියපු ඇත්ත කතාව එළියට එන්නේ.රටේ රාළ කිව්වේ නිවැරදි විකල්ප නැතිව මහ පක්ෂ කඩන්න එපා කියලයි.එදා සජිත්ලා එජාපය කඩනකොට කරූලා විරුද්ධ උනේ ඒ අර්ථයෙන්.මහින්දලා,බැසිල්ලා,විමල්ලා ශ්‍රිලනිපය කඩනකොට රටේ රාළලා විරුද්ධ උනෙත් ඒ අර්ථයෙන්.එජාපය කඩා දැමීමෙන් නිර්මාණය උන සජබයට එජාපය මේ රටේ කරපු සාධනීය කිසිම දෙයක් කරන්න බැරිවෙලා තියනවා.

එජාපය විනාශ කරලා කරගෙන තියෙන්නේ සජිත්,ජලනී ඇතුලු ප්‍රේමදාස පවුලට පක්ෂයක් හදාගත්ත එක විතරයි.ශ්‍රිලනිපය විනාශ කරලා නිර්මාණය උන පොදුජන පෙරමුණ ශ්‍රිලනිපය මේ රටට කරපු සාධනීයයි කිසිම දෙයක් කරලා නෑ. එයාලා කරපු එකමදේ තමයි පවුලේ න්‍යාය පත්‍රයට අනුව මේ රට බංකොළොත් කරපු එක.ශ්‍රිලනිපය කඩලා තක්කඩි රාජපක්ෂ පවුලට පක්ෂයක් හදා ගත්ත එකයි.කොහොම උනත් දැන් සිද්ධ වෙන්න ඕනි සියල්ල සිද්ධ වෙලා ඉවරයි.

වමට තිබුණ මහා සෙවන උන ශ්‍රිලනිපයේ සෙවන වමට අහිමි වෙලා ඉවරයි.දැන් එහෙනම් මේ අලුතින් හිටවපු මේ සන්ධානය පැලය ශක්තිමත්ව කර ගන්න අවශය මතවාදය,සංවිධාන ශක්තිය,සංස්කෘතික සහ  පුද්ගලයන් කියන දේවල් වහාම මේ සන්ධානයට එකතු කරගන්න ඕනි. ඒකට මේ ඉන්න කට්ටියත් එක්ක දවස ගානේ කතා කරකර හිටලා හරියන්නෙ නෑ.ක්‍රියා මාර්ගවලට යන්න ඕනි.

ඒ අවශය දේවල් ටික එකතු කරගන්න ජනතාව අතරට යන්න ඕනි.ජනතාව අතරට ගියොත් තමයි මේ සන්ධානයටත් අවශ්‍ය තේරීම් ටික කරගන්න පුළුවන් වෙන්නේ.එහෙම නැතිව ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පස්සේ නං දුවලා වැඩක් නෑ.ඒක නිසා අඩුම වශයෙන් ජනතාව අතරට යන ජනහමු ආකෘතියවත් දැන් පාව්චිචි කරගන්න ඕනි.ඒක වෙන වෙනම හරි ඒකාබද්ධ හරි කරමින් මේ සමාජය ආමන්ත්‍රණය කරන්න පටන් ගන්න ඕනි.

ලන්සලා වෙන හරි,එහෙමත් නැත්නං ලන්සාලා ශ්‍රිලනිපය ඒකාබද්ධ හරි මෙහෙයුම පටන් ගන්න ඕනි.අඩුම වශයෙන්ම ජනවාරි මාසය අවසන් වෙන්න පෙර පටන් ගන්න පුළුවන් නම් හොඳයි. නිකං හිතන්නකෝ පළවෙනි වටයේ දිස්ත්‍රික්කයට එක ගානේ හරි යන රැස්වීම් වටයක් යමින් ඒවාගේ ඉන්න අය ධෛර්යයමත් කරන්න ඕනි.එයාලට විශ්වාසය හදන්න ඕනි.එහෙම නොකර ඔහොම ඉන්නතාක් වෙන්නේ කවුරුවත් නැති මහ පොලොවට බැහැලා ජවිපෙ විසින්  සමාජගතව කරන බොරුව තහවුරු වීම විතරයි.

බොරුව උනත් නිතර නිතර ඇහෙනකොට සමාජය ඇතුලේ උනත් ස්ථාවර මතයක් බවට පත්වෙන්න පුළුවන්.එහෙම උනොත් ඒක ආපහු හරවන්න අමාරුයි.ආපහු හරවන්න වෙන්නේ රට මේ තියන තත්වයෙනුත් තවත් පහලට වැටිලා හැදෙන පොල්පොට් පාලනය පෙරලලා දාපු දවසට තමයි. එදාටත් අපට තවත් ලොකු වන්දියක් ගෙවන්න සිද්ධ වෙනවා.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions