Home » සරසවි ත්‍රස්ත්‍රවාදය හා ජවිපේ ජන්ද කැඩීම, අපි තමා රැඩිකල්

සරසවි ත්‍රස්ත්‍රවාදය හා ජවිපේ ජන්ද කැඩීම, අපි තමා රැඩිකල්

by Plus One

කැළණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශය මගින් අද දින සංවිධානය කල ව්‍යවසයකත්වය හා මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් වන සංවාදයේ ප්‍රධාන කතිකයා ලෙස සම්බන්ධ වීමට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අද දින කැළණිය සරසවියට පැමිණ තිබුනි.

නමුත් ඒ මොහොතේ ඩඩ්ලි සිරිසේන මහතා සම්බන්ධවීමට විරෝධය පල කරමින් එක් දේශපාලන පක්ෂයක සිසුන් කණ්ඩායාමක් ඔහුගේ මග හරස් කල බව සමාජ මාධ්‍ය ඔස්සේ අපට දැක ගැනීමට හිමිවිය.

ඩඩිලි සිරිසේන ව්‍යාපාරිකයෙකු ලෙස කරන කියන කටයුතු සම්බන්ධයෙන් හා දේශපාලනයට මැදිහත් වන ආකාරය සම්බන්ධයෙන් නොයෙකුත් දෙනෙක්ට විවිධ අදහස් තිබෙන්නට පුලුවන.

නමුත් විශ්වවිද්‍යාලයක් යනු ඔනෑම මතවාදයකට විවෘත විය යුතු නොවේ ද? සංවාදය විවාදය හා විචාරය සරසවියක සිදුම විය යුතු දෙයකි.

මෙ දේශපාලන කල්ලියේ පිරිස ප්‍රසිද්ධියේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගැන පොර ටෝක්ස් ලබා දුන්නට
අනෙක් මතවාදීනට සරසවියට ඇතුලත් වීමට ඉඩ හරස් කිරීම ප්‍රජාත්‍රන්තවාදයද? ඔවුන් එවිට ත්‍රස්ත්‍රවාදීන් නොවේද?

මේ සියල්ලෙන්ම වාසිය යන පිරිසක් ඇත. එනම් මහජනතාව මේ වන විට අනුර කුමාර ගැන තිබෙන විස්වාසය කඩ කිරීමෙන් ය. අපි තමා උපරිම රැඩිකල් කියා කීමෙන් ජන්ද කැඩීමය.

එහෙනම් මේ කාගේ ඩීල් එකක් ද?

ඔබේ විමසුමට

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions