Home » සා/පෙළ හපනුන්ට ජවිපෙන් ශිෂ්‍යාධාර

සා/පෙළ හපනුන්ට ජවිපෙන් ශිෂ්‍යාධාර

by Plus One

2022 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි උසස් පෙළ සඳහා ඇතුලත් වූ, ආර්ථික අපහසුතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට “නොනිමි මෙහෙවර” වැඩසටහන යටතේ වර්ෂ දෙකක කාලයක් සඳහා මාසිකව ලබාදෙන ශිෂ්‍යත්ව පිරිනැමීම සංකේතවත් කරමින් පැවැත්වූ වැඩසටහනක් ඊයේ දින (2023.12.21) කොළඹදී පැවැත්විය.

එම ශිෂ්‍යාධාර පිරිනැමීමේ අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, සමාජ ක්‍රියාකාරී ලලිතා විමලතිස්ස මහත්මිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කතිකාචාර්‍ය නිමන්ත ප්‍රියමාල් මහතා සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions