Home » මහමඟ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ බෑ රනිල්ගෙන් තගක්

මහමඟ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ බෑ රනිල්ගෙන් තගක්

by Nirodha Gamage

තමා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන කාලය තුළ රටේ නීතිය හා සාමය කඩවීමට කිසිසේත්ම නොඉවසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනප්‍රිය දේට වඩා නිවැරදි දේ කිරීමට තමා ප්‍රමුඛත්වය දෙන බවත් ජනප්‍රිය අදහස් ඉදිරිපත් කිරීමෙන් රට විනාශයට පත්විය හැකි බවත් ඔහු අවධාරණය කළේය. ඔහු මෙම අදහස් පළ කළේ අද (අප්‍රේල් 01) සවස අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමිනි.

මහමඟ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණවල නිරත වීමට කිසිවකුට අයිතියක් නොමැති නමුත් සාමකාමී ලෙස තම අදහස් ප්‍රකාශ කිරීමට හෝ විවේචනය කිරීමට සියලු දේශපාලන පක්ෂවලට අයිතියක් ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

නිවැරැදි දේ කිරීමේ වැදගත්කම අවධාරණය කළ රාජ්‍ය නායකයා, රටේ අභිවෘද්ධිය සඳහා නිවැරදි තීරණ ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ධෛර්යයක් තිබේද යන්න තක්සේරු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවද සඳහන් කළේය.

ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය. නැවුම් ප්‍රවේශයක් අනුගමනය කරමින් නව ගමනක් ආරම්භ කළහොත් ඉදිරි වසර 25 තුළ රටට සැලකිය යුතු සංවර්ධනයක් ළඟා කර ගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළා.

ත‍්‍රස්තවාදයට එරෙහි සාර්ථක සටනට සමාන ආර්ථික යුද්ධය ද ශ‍්‍රී ලංකාව ජය ගන්නා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා රට තුළ ආර්ථික ස්වාධීනත්වය ඇති කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions