Home » චන්ද්‍රිකාගෙන් රැඩිකල් වෙනසක් : තරුණ දේශපාලන බලවේගයක්

චන්ද්‍රිකාගෙන් රැඩිකල් වෙනසක් : තරුණ දේශපාලන බලවේගයක්

by Nirodha Gamage

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ විප්ලවීය වෙනසක් වෙනුවෙන් නව දේශපාලන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සනාථ කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට තරුණ රැඩිකල් දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඇය මැදිහත් වන බවයි සඳහන් වන්නේ. මෙම තරුණ දේශපාලන කඳවුර ගාලුමුවදොර අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරීන්, මංගල සමරවීර සමග ඉතා සමීපව ක්‍රියාකාරී වූ තරුණ දේශපාලන ක්‍රියාකාරීන්,විශ්වවිද්‍යාල සිසුන්, නීතිඥයන්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී තරුණයන් ඇතුළු සමාජයේ විවිධ පාර්ශව නියෝජනය කරන කණ්ඩායම් රාශියකින් සමන්විත බව තොරතුරු සනාථ කරනවා.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටී ඇති මොහොතක ව්‍යුහාත්මක වෙනස්කම් වෙනුවෙන් තරුණ නායකයන් නිර්මාණය කරමින් සමාජ පරිවර්තනයක් වෙනුවෙන් රටපුරා ගමන් කිරීමටත් එමගින් රටපුරා නව තරුණ නායකත්වයක් නිර්මාණය කිරීමටත් හිටපු ජනාධිපතිවරිය සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

වයෝවෘධ දේශපාලන කණ්ඩායම් පෝෂණය කරනවාට වඩා නව නිදහස් මාවතක් තෝරාගැනීමටත් සමාජ, දේශපාලන හා ආර්ථික වෙනස්කම් වෙනුවෙන් පෙරමුණ ගත හැකි නව පරපුරක් නිර්මාණය කිරීමටත් මැදිහත්වීම සමාජ පරිවර්තනය අභිමුව සිටින ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක වනු ඇති බවයි ඇය ප්‍රකාශ කර සිටින්නේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions