Home » ජාතික ජන බලවේගයට 43% ක්

ජාතික ජන බලවේගයට 43% ක්

by Nirodha Gamage

2023 පෙබරවාරි මස අවසන් කරන ලද සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ (IHP) නවතම ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය (SLOTS) පෙන්නුම් කරන්නේ ජාතික වශයෙන් ඡන්දදායකයින් ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය වටා ඒකරාශී වෙමින් සිටින බවයි.

ජාතික ජන බලවේගයට මහ මැතිවරණ ඡන්ද දායකයින්ගෙන් 43%ක් ද සමගි ජන බලවේගය සඳහා 30%ක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙමල ජාතික සන්ධානය හා එක්සත් ජාතික පක්ෂයට 4% ක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 2% හිමිවන බව සමීක්ෂණය පෙන්වාදෙයි.

මාසතුනක කාලයක් ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය කරට කර සටනක නිරතව සිටිය නමුත් පෙබරවාරි මාසයේදී සමගි ජන බලවේගය සඳහා සහයෝගයේ වැඩි වීමක් සිදු නොවීය. නමුත් ජාතික ජන බලවේගයේ සහයෝගය දිනෙන් දින ඉහළ යමින් පවතී.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions